දේශීය පුවත්

ජීවිත හතක් බේරා ගත් අපේ කාලයේ වීරයෙකුගේ කතාව මෙන්න…

පසුගියදා අවාසනාවන්ත ලෙස මෝටර් රථයක් මැණික් ගඟට පෙරලෙනවා. ඒ වෙලාවේ මේ විපතට පත් අය වෙනුවෙන් උතුම් මනුස්සයෙක් ඇගයිය යුතු මාර වැඩක් කරනවා. ඔහු ජීවිත හතක් බේරා ගන්නවා. මරණය පෙනි පෙනි සිටපු ඔවුන්ට දෙවි කෙනෙක් වගේ ඇවිත් ජීවත් වෙන්න වරම් ලබා දෙනවා. මේ ඒ ගැන ඔහු කිව්ව කතාව…

” මං කඩේ ගාවට ඇවිල්ලා හිටියේ. එක පාරටම දඩබඩාං ගාලා සද්දයක් ඇහුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. ඇවිල්ල බලනකොට වෑන් එක වැටිලා පොඩි කට්ටිය කෑගහනවා. ඊට පස්සේ මම පාලම උඩින් පැන්නා. පැනලා ඉවර වෙල පොඩි ළමයි තුනකුයි, අත්තම්ම කෙනෙකුයි තව ගැනූ කට්ටිය දෙන්නෙකුයි පිරිමි දෙන්නෙකුයි උඩට ගත්ත දෙයියනේ කියලා. ඒ කට්ටියට මුකුත් හානියක් වෙලා තිබ්බෙ නැ. වාහනය ඇතුළ ඔක්කොම වතුර පිරිලා. දොරේ ලොක් ඇද්දට ඇරුනෙ නැ. ඊටපස්සෙ ලොක් කඩලා වගේ ගත්තා. මගේ කකුල එහෙන් මෙහෙන් පොඩ්ඩක් වැදුනා. ඒක අවුලක් නෑ ඉතින්. ”

* ජිවිත හත බේරාගත් තරුණයා *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!