තරු ගොසිප්

ප්‍රේක්ෂක හදවත් මොහොතකට නතර කරන සුන්දරත්වය. මුහුණු පොතම කැළඹූ ඇයගේ අලුත්ම ෆොටෝ ෂූට් එක මෙන්න.

පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්.

තමන්ටම ආවේණික අපූරු රංගන ශෛලියකින් ප්‍රේක්ෂකයින්ව පිනවන, ඕනෑම අසීරු චරිතයකට වුණත් ඉතාමත් දක්ෂ ලෙස පණ පොවන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු.

පියුමි කියන්නේ රංගනයට විතරක් නෙමෙයි, විලාසිතා ලෝකයේත් නිතරම කැපී පෙනෙන තරුවක්. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිතරම රසිකයන් වෙනුවෙන් අලුත් විලාසිතා සහ සුන්දර ඡායාරූප ඉදිරිපත් කරන්න අමතක කරන්නේ නැහැ.

මෙවරත් ඇය සිය මුහුණු පොතට අලුත්ම ඡායාරූප පෙළක් එක් කර තිබුණේ ඇගේ සුන්දරත්වය තවත් කැපී පෙනෙන අයුරින්.

මෙම ඡායාරූප පෙළ දුටු රසික රසිකාවියන් විශාල පිරිසක් ඉතාමත් උණුසුම් ප්‍රතිචාර ඇයට දක්වා තිබුණා. “හැමදාම වගේ ලස්සනයි”, “හිනාව හරිම ලස්සනයි” කියමින් බොහෝ දෙනා පියුමිගේ මේ අලුත් පෙනුම අගය කර තිබුණේ ඇයට ආදරය පිරුණු සුබපැතුම් එක් කරමින්.

ඔයාලත් බලන්නකෝ පියුමිගේ මේ අලුත්ම ලස්සන පින්තූර එකතුව…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!