දේශීය පුවත්

කොළඹ සරසවියම හඬවමින් සිය පුතාගේ වාහනයේ ගැටි දිවියෙන් සමුගත් ජේෂ්ඨ කථිකාචාර්‍යවරියගේ සංවේදී කතාව මෙන්න…

උදෑසනම අසන්නට ලැබුණු අවාසනාවන්ත අනතුරකින් කියවුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ හදිසි නික්ම යාම පිළිබදව.

පොලිසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට නොහැකිවීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ ඊයේ දහවල් උත්සාහ කර ඇති බවයි.

බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී අවාසනාවන්ත ලෙස දිවිහැර ගොස් තිබුණා.

59 හැවිරිදි ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන මහත්මිය සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන්.

ඇගේ මෙම හදිසි වියෝව පිළිබදව මුහුණු පොතේ සටහන් රැසක් එක්කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!