තරු ගොසිප්

ඔය මඩ ප්‍රහාර මගේ දරුවටවත්, මගේ රස්සාවටවත් බලපාන්න දෙන්න එපා කියල ඉල්ලීමක් කරනවා.. පරණ සැමියාත් වීඩියෝවක් එළියට දාලා..

ඇය රටක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

පසුගිය දිනක සමාජයේ අන්දෝලනාත්මක කතාව ඇය හා සම්බන්ධව ගොඩනැගෙන්නේ, දරුවෙකු අලලා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිසා බව කියන්නට පුළුවන්.

මෙය අර්ථය විකෘති කර ඉදිරිපත් කරන ලද්දක් බවයි උපේක්ෂා පවසන්නේ.

එසේම මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ හිටපු සැමියාද අදහසක් දක්වා තිබුණා. කෙසේ වෙතත් ඇය මේ ගැන මුහුණුපොතට එක්කර තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

-නිවැරදි කිරීමයි-

දැනට අවුරුදු තුනකට කලින් මගේ වැඩසටහනකදී කිව්ව දේකින් පුංචි කොටසක් අරන්, වෙනත් ඉතා සංවේදී වීඩියෝවක් සමග බද්ධ කර මා කියූ අදහස විකෘති වන ආකාරයෙන්, අසත්‍ය කරුනු පවා කියමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුනා.

මේ සිද්ධියේදී මම වෙනුවෙන් කතාකල මට ශක්තියක් වුනු, පුංචි සිතුවිල්ලකින් හෝ මට ශක්තියක් වූ සියලුදෙනාට මගේ හදවතින්ම ස්තූතියි.ඒ වගේම මම කිව්ව දෙයින් යම් කිසි කෙනෙකුගේ හිත රිදුනා නම් මට සමාවෙන්න

මේ සිද්ධිය පිලිබදව මම අදහස් දක්වන පලමු සහ අවසාන අවස්ථාව මෙයයි.

එම වීඩියෝවේ මා කීමට අදහස් කරේ තිරයට ඔබින දරුවන් මේ ක්ශේත්‍රයට අවශ්‍යය බවයි.එහෙත් එය වැරදි ලෙස අර්ථකතනය වීම ගැන සහ එයින් යම් කිසි අයෙකුගේ හිත් රිදීමක් ඇති වූවා නම්, ඒ පිලිබදව මට සමාවෙන්න

මාගේ පලමු ටෙලි නාට්‍යය, බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ශනය කල “සුධීරා” හි ප්‍රධාන චරිතය පවා මට අහිමි වී එහි සෙසු චරිතයක් මට ලැබෙන්නේ ද මාගේ සිංහල භාශාව භාවිතාවේදී සිදු වුනු අඩුපාඩු නිසාය .එයට හේතුව පිට රටක ඉපදුනු සහ දීර්ඝ කාලයක් පිට රටක ජීවත් වුනු මම සිංහල භාශාව භාවිතාව අඩු වීමයි.

මා දරුවන්ට ඇති කැමැත්ත ගැන සහ මා ඔවුන් වෙනුවෙන් කරන කියන දේවල් ගැන මාව ලගින්ම ආශ්‍රය කරන ඕනෑම කෙනෙක් දන්නා

නමුත් ,මා ගැන හරි හැටි නොදන්න සමහර අය ,සමාජ මාද්‍ය පේජස් වල ර්‍රච් එක වැඩි කරගන්න මා පිළිබඳව විවේචනය කරන ආකාරය ගැන මා හට ඇත්තේ කනගාටුවක්.

මේ සිද්ධියේ දී කිසිම සත්‍ය පදනමක් නැතිව බොහෝ දේ කියවුනා.

ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන ලෙසයි”

මාගේ ජීවිත කාලය තුල, මම උපයා ගත් සියලු දේ කලාවෙන්ය.වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට එයින් මගේ ලමයව මම ජීවත් කරන කෙනෙක් විදියට ,ඔය මඩ ප්‍රහාර මගේ දරුවටවත් ,මගේ රස්සාවටවත් බලපාන්න දෙන්න එපා කියල ඉල්ලීමක් කරනවා

මේ සමගම ඇති වීඩියෝ එක නරඹා මා ගැන යම් අවබෝධයක් ඇති වේවා කියා ප්‍රාර්ථනා කරන අතරම ඒ වගේම සමන්තට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව අපි අතර මොන ප්‍රශ්න තිබ්බත් මේ ප්‍රශ්නයේදී මා වෙනුවෙන් මැදිහත් වීම ගැන

ස්තූතියි…!!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!