සයුරෙන් එහා පුවත්

තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භයද ? ට්‍රම්ප් – සෙලෙන්ස්කි අතර වචන හුවමාරුවක්…!

ලෝක බලවතා කියලා හදුන්වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියන්නේ මේ කාලයේ ඉතාමත් ප්‍රකට චරිත දෙකක්…

මේ දෙදෙනා අතර සිදුවුණු කතාබහක් ගැන ජාත්‍යන්තරයේම අවදානය යොමු වෙලා තියෙනවා… මේ කියන්න හදන්නේ ඒ ගැනයි… යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා…

ඒ, ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේ…

මෙහිදී ‘තුන්වන ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩාවේ’ යෙදෙන බවට ට්‍රම්ප් සෙලෙන්ස්කිට ඍජුව ම චෝදනා කළා…

තවද හිටපු ජනාධිපති ජෝ බයිඩින් ‘මෝඩ ජනාධිපතිවරයා මේ යුද්ධය සඳහා ඩොලර් බිලියන 350ක් ලබා දුන් බවත් යුක්‍රේනයට යුද්ධය ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා…

මෙම හමුවේදී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් වහා ම පිටව යන ලෙසද ට්‍රම්ප් දැනුම් දී ඇති බවත් සෙලෙන්ස්කි වෙනුවෙන් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාව ද හදිසියේ ම අවලංගු කර ඇතිබවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා…

නායකයින් දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව නිසා ඛනිජ සම්පත් සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා…

කෙසේ නමුත්, ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල ‘දෙපාර්ශවයට ම යහපත් නොවන’ නමුත් දෙරට අතර සබඳතා ඉදිරියට ශක්තිමත්ව පවත්වා ගතයුතු බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසූ බව ෆොක්ස් නිව්ස් වාර්තා කරනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!