දේශීය පුවත්

ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.

ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.

මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ආපදා සහන සැලසීම සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද දහවල් පවසා තිබුණි.

Source – Ada Derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!