තරු ගොසිප්

” අඩුපාඩු නිසා දාලා යන මිනිස්සු අපිට ආදරේ නැ…” ඇය ඉන්නේ ප්‍රේමය ගැන වේදනාවකින්ද ?

මෙවර ‘Mirror Arts’ කතා බහට එක් වූයේ තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක.

වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව හරහා ද සිය රංගන හැකියාව ඉදිරිපත් කරන ඇය මේ දින වල ඔබට ‘මායාවී’ ටෙලි නාට්‍යය හරහාත් දැකගන්න පුළුවන්.

සාකච්ඡාවේදී ඇය රංගන ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට අමතක කළේ නෑ.

එමෙන්ම ප්‍රේමය සම්බන්ධව සිය ජීවන අත්දැකීම් තුළින් රුක්ෂානා ඉදිරිපත් කළේ හෘ‍දයාංගම අදහස් දක්වීමක්.

Mirror Arts – “රුක්ෂානා ආදරය ඔයාගේ ජීවිතේ කොච්චර වෙනසක් කරලා තියනවද?

රුක්ෂානා – “මම හිතන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ ආදරේ තමයි. මං ආදරයට හරි කෑදරයි. මම හිතන්නේ මගේ තියන ලොකුම අඩුපාඩුවත් ඒක. ඒ කියන්නේ මම හරියට ආදරෙත් එක්ක depend වෙනවා. මම ආදරේදි හරිම අවංක‍යි.”

Mirror Arts – “ප්‍රේමය ඇතුළේ මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ.”

රුක්ෂානා – මගේ ජීවිතේ පොඩි කාලේ ඉදලා හිස්තැන් ටිකක් තිබිලා තියෙනවා ප්‍රේමය සම්බන්ධව. මම උත්සාහ කරනවා තාම ඒ ටික පුරව ගන්න……”

රුක්ෂානා සමඟ සිදුකළ සම්පුර්ණ සාකච්ඡාව පහත වීඩියෝව මගින් නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙය වීම දිනිත ජයරත්න විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!