Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පුංචි කෛලාෂ් මේ දවස්වල උදේම නැගිටලා කරන්න ආසා වැඩේ ගැන දන්නවද ?

ජැක්සන් පවුලේ මේ දිනවල කවුරුත් කතා කරන ඒ පවුල තමයි කසුන් – මාධවී කියන්නේ… ඉතිං ඒ පවුලට එකතු වුනු අලුත් සාමාජිකයා නිසා මේ දවස්වල ඒ පවුලේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙන්නේ…

ඒ තමයි පුංචි කෛලාෂ්.!

මේ දවස්වල කෛලාෂ්ගේ විනෝදාංශේ හරිම සුන්දර එකක්ලු… බලන්නකෝ ඒ ගැන කසුන් කියලා තියෙන මේ කතාව…

මේ දවස්වල කෛලාෂ් පුතාගෙ ලොකුම සතුට උදේම ඇහැරලා පරිසරේ බලනෙක. හුඟක් වෙලාවට මටයි, අම්මටයි දෙන්නටම කලින් පුතණ්ඩියා පාන්දරින්ම ඇස් ඇරලා අපි දෙන්නා සද්දයක් නැත්තං ටික වෙලාවක් ඉවසලා, හීං හඬින් අඬන්න පටන් ගන්නවා. ඒ ඉකිබිඳුම් නවතින්ට නං එයාව ඇන්නගෙන මිදුල වටේ වට පහ හයක් ගමනේ යන්ටම ඕනෙ. කුරුලු සර අහන්ටයි, ගස් කොළං දිහා බලන්ටයි පුතා පුදුම තරං ආසයි. එතකොට එයාගෙ මල් හිනාව දකින්ට අපි දෙන්නා ඊට වඩා ආසයි. හයහතර නොතේරෙන කාලෙ ඉඳන්ම පරිසරේට මෙහෙම ආදරේ වෙනවා කියන්නෙ විශ්වයේ ආශීර්වාදය හැමදාම පුතා එක්ක තියේවි.

‘සොබාදහම රකින්නා සොබාදහම විසින්ම සුරකීවි’

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!