ක්‍රීඩා පුවත්

ඉන්දීය ක්‍රිකට් වංශකතාව අලුත් කල සූර්‍යවංශි

වයස අවුරුදු 14යිලූ…
කොහොමද කොල්ලගේ ගැහිල්ල..

ටෙස්ට් තරග 100කටත් වඩා ගහපු එක්ස්පීරියන්ස් බෝලර් කෙනෙක් වෙච්චි ඉශාන්ට් ශර්මාව වඩාගත්තා. එක ඕවරේක ලකුණු 28ක් ගැහුවා. කරීම් ජනට්ගේ Debut මැච් එකේ දාපු First over එකටම ලකුණු 30ක් නෙලුවා…

එතැනින් මෙයාව නවත්තන්න බැරි වුනා.

මෙවර IPL තරගාවලියේ පිතිකරුවෙක් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය රැස් කරා. ඒ පන්දු 17කින්.. ඒ අනුව විස්සයි විස්ස පිටියේ අර්ධ ශතකයක් රැස්කල ලාබාලතම පිතිකරුවා ලෙස ඉතිහාසගත වුනා. එතැනින් මෙයාව නවත්තන්නත් බැරි වුනා.

පන්දු 35කින් මෙයා IPL ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙක් රැස්කල වේගවත්ම ශතකය රැස් කරනවා. මේ IPL වල පිතිකරුවෙක් ගහපු දෙවෙනි වේගවත්ම ශතකය, දෙවෙනි වුනේ ලෝක පූජිත පිතිකරු විස්සයි විස්ස ක්‍රිකට් ලෝකයේ රජු ක්‍රිස් ගේල්ට විතරයි.

ලකුණු – 101
පන්දු – 38
හතරේ පහරවල් – 7
හයේ පහරවල් – 11

Vaibhav Suryavanshi

ලෝකේ හොඳම ක්‍රිකට් ලීගයේ ලෝකේ හොඳම පන්දු යවන්නන්ට එරෙහිව අවුරුදු 14ක පොඩි කොල්ලෙක් ඇවිත් ග්‍රවුන්ඩ් එක හතර වටේට මෙහෙම නෙලනවා කියන්නේ ඉතිං උගේ ටැලන්ට් එක, කොන්ෆිඩන්ස් එක ගැන එහෙම හිතාගන්න පුළුවන්නේ…

මේ තමයි ඉන්දියාව හදන අනාගතය

✍ | Rishie Bro

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!