දේශීය පුවත්

අතීතයේ රජවරු රන්, රිදී, මුතු, මැණික් වළ දැම්මා ද?: ලංකාවේ නිධාන හමුවී තිබේ ද?

රජුගෙන් වස්තුව ඉල්ලූ කාශ්‍යප පුතුට තමන් සතු වස්තුව මේ යැයි කලා වැව පෙන්වූ බව කියන ඉතිහාස කතා අප අසා ඇත.

ඊට අමතරව, පෙර රජ දවස නිධාන වළ දැමූ බව කියන කතා ද කොතෙකුත් තිබේ.

රජ සමයේ තැන්පත් කළ බව පැවසෙන රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තු ගොඩගැනීමට ගොස් නීතියේ රැහැනට හසු වූවන් පිළිබඳ සිද්ධි ද විරල නොවේ.

නිධානයක් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ බිලි දී අවසානයේ සියල්ල අහිමිව දිවි තොර ගන්නා ධනවතෙකු වටා ගෙතුණු ජී.බී. සේනානායක විසින් රචනා කරන ලද ‘නිධානය’ කෙටිකතාව (මෙය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් සිනමාවට නගන ලදී) තුළින් ද කතුවරයා උත්සහ කර ඇත්තේ, අන්සතු නිධාන සොයා යන්නන්ට අත්වන ඉරණම පැහැදිලි කිරීමට ය.

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් වේයන්ගොඩ, වඳුරව අධිකරණ නියෝගයෙන් කරන ලද කැණීමක් හේතුවෙන් නිධන් පිළිබඳ කතාබහක් යළිත් ඇති විය.

එහෙත් නිධන් සොයා කැණීම් සිදුකිරිමට අවසර නොදුන් බවට අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පවසා තිබිණි.

නිධන් සලකුණු, නිධන් ගොඩ ගැනීමට කරනු ලබන බලි, තොවිල්, බිලි පූජා ගැන විවිධ කටකතා පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!