දේශීය පුවත්

නාවලපිටියේ නිවසකට පස් කන්දක් වැටී එකම පවුලේ 3 ක් මර.ණයට පත්ව ඇත.

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ අද (28) දින සිදුවූ පස් කඳු කඩාවැටීමකින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට සිය ජීවිත අහිමි වීමේ අවාසනාවන්ත සිදුවීමක් නාවලපිටිය, පැරණි දුම්රිය අංගනය පාර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස දිවි අහිමි වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිටි බිරිඳ, ඇයගේ නැන්දම්මා සහ මාස තුනක් වයසැති කුඩා බිළිඳෙකු බව නාවලපිටිය පොලීසිය තහවුරු කර ඇති අතර මෙම පිරිස බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරූවද එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් නිවස මතට පස් කන්ද කඩාවැටීමෙන් අනතුරුව මියගිය පුද්ගලයින්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයෙන් පමණක් මේ වන විට පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇති බවත්, ආපදාවට ලක්වූ පවුල් 50කට ආසන්න පිරිසක් මේ වන විටත් ආරක්ෂිත කඳවුරු වෙත යොමු කිරීමට පියවර ගත් බවත් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

gossiplanka image 1

gossiplanka image 3

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!