සයුරෙන් එහා පුවත්

දෙවිවරු ඉන්නේ අපි අතරමයි. හිත හොඳ නම් මොනවද කරන්න බැරි ? මේ ලෝකයක් අවධානය දිනාගත් එවන් කතාවක්..

කියන්නේ වෙනස් විදිහක කතාවක්.. අපි කාගේත් ජීවිතවල විවිධ හැල හැප්පීම් තිබෙනවා.. ඒත් එක්කම එක එක අයට තියන ප්‍රශ්න , ගැටලු පවා වෙනස්..

මේ කියන්න යන්නේ අන්න ඒ විදිහේ තවත් එක් අතිශ්‍යය සංවේදී කාරණාවක්.. මුහුණුපොතේ පළවුණ සටහනක් ඇසුරෙන් ඇසෙන ඒ කතාව මෙන්න..

“කෙන්යාවේ වීදි දරුවෙක් පාරේ ගමන් කරන වාහනවලින් හිඟමන් යදිමින් සිටින විට…ඔහු අසලින් එක්තරා වාහනයක් නතර කරනවා…මේ දරුවා නැවැත්වූ වාහනයෙන් මුදල් ඉල්ලා ගැනීමට යාමේදී මෝටර් රථය තුළ දුටු දෙයින් ඔහු ගේ හදවත බිදී යනවා…,

ශ්වසන වෛද්‍ය උපකරණ එක්ක ඔක්සිජන් ලබාගන්නා අන්ධ කාන්තාවක් දැක එය දරා ගත නොහැකිව සංවේදී උන ඔහු මහ හයියෙන් හඬා වැටෙනවා .
ඇය පිරිමි ළමයා සන්සුන් කර නිහඬ කිරීමට උත්සාහ කළ ද ඔහුට අඬන එක නතර කර ගැනීමට නොහැකි වෙනවා මේ , කාන්තාව කෙරෙහි දැඩි ශෝකයක් ඔහුට ඇතිවෙලා තියෙනවා .
ඔහුගේ දුෂ්කර තත්ත්වය තිබියදීත්, මෝටර් රථයේ සිටින කාන්තාවගේ තත්ත්වය ඔහුට වඩා දරුණු බව ඔහුට දැනිලා තියෙනවා..

අන්තිමට දරුවා නිසා කෙන්යාවේ පිරිසක් එකතුවෙලා මෙම කාන්තාව කෙරෙහි අනුකම්පාව දක්වමින් රෝහල් වියදම් (ඩොලර් 55,000 ක් පමණ) ගෙවීමට ඇයට සහයෝගයට ඉදිරිපත් වෙලා තියෙනවා…

තුර්කි ජෑන් සෝයෝ ඉස්ලාමීය සංගමය දරුවා දරුකමට හදා ගත් අතර ඔහුගේ අධ්‍යාපනය සඳහාද වියදම් කිරීමට භාරගෙන තියෙනවා .
ඇත්තටම ඔහුගේ දයාර්ද හදවත නිසා අවසානයේ ඔහුටද ලස්සන අනාගතයකට හිමිකම් කීමට අවස්ථාවක් ලැබෙනවා…දෙවිවරු ඉන්නේ අපි අතරම තමයි…”

Hiru gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!