තරු ගොසිප්

” අපිට මේවා හරියන දේවල් නෙමෙයි. ලැජ්ජයි. මූන දෙන්න බෑ කියපු අය හිටියා…” ටික්ටොක් වලින් රටක්ම හදුනන මනේෂා කියපු ආන්දෝලනාත්මක කතාව මෙන්න…

සමාජ මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම tiktok තුළින් වඩාත් ජනප්‍රිය වූ අපූරු යුවතියකි ‘මනේෂා ප්‍රනාන්දු’

මනේෂාගේ හිනාවට ආදරේ කරන්නවුන් සෑහෙන්න.

විඩාබර දවසක අවසන, විඩාව නිවාගන්න මනේෂාගේ එකම එක වීඩියෝවක් හෝ හේතුවක් වෙලා ඇති ඔයාටත්.

ඉතින්, අපේ මුවගට හිනාව කැන්දන්න තමන් මෙතෙක් ආ ගමන ලේසි පහසු එකක් නොවන වග ඈ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහන් කර තිබුණා.

”Hi ළමයිනේ… Finally
මම මෙහෙම කියන්නම්…
මගේ Tik tok,Facebook Followers,Youtube Subscribers නැත්තන් මට මේ දේවල් ළග නෑ…ඇත්තමයි අලෝ…
මගේ ළග ඉන්න අය මුල් කාලේ
” අරකිට අර මොකද වෙලා තියෙන්නේ..”
“අපිව ලැජ්ජ කරනවා”
“ගමේ මිනිසුන්ගෙන්,යාලුවන්ගෙන් අපිට ලැජ්ජයි,මුණුන දෙන්න බෑ”
“මේවා අපිට හරි යන දේවල් නෙවෙයි..”
“ඕවා නවතහං..” කියපු අය අනන්තයි
පැත්තකට වෙලා අඩලා ඇති අම්බානේට මාව මගේ විදිහට Accept කරන කවුරු නැද්ද දෙයියනේ කියලා..” ඒ මාව හොදටම දන්න අය
මාව අදුරනවා කියනත් ලැජ්ජ අය හිටියා..
2-3 හැරෙන්න සේරම එහෙමයි
ඒත් මාව නොදන්න අය..
“මරු,පට්ට,හිනා යනවා,සතුටින් ඉන්න,අපේ මුණුනවල් වලට හිනාවක් ගේන ඔයාට පිං. වගේ දේවල් මගේ ගමන යන්න මාව හයිය කලා. ඊට පස්සේ මම එයාලා වෙනුවෙන් වෙනස් උනේ නෑ
ස්තුතිය මාව ආදරෙන් අල්ලන් හිටිය කෙල්ලෝ,කොල්ලෝ හැමෝටම
ඔයාලා විතරයි මාව මගේ විදිහට බාර ගත්තේ
ඉතින් දුවන්නේ නැතිව හති වැටෙන්නේ නෑ වගේම බලාපොරොත්තු නැතිව දිනන්නත් බෑ
තනියම ආවේ නෑ මේ ගමන,ඔයාලයි මට ඒ පාර හදලා දුන්නේ..
ස්තුතිය ආදරණීය මිනිසුනේ…
ඔයලා හැමෝටම ආවඩා ආයුබෝ..වේවා..”

Channel E

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!