ලිප්ස්ටික් ගෑවට මේ දේවල් ගැන දැනගෙන හිටියේ නෑ නේද ?

ලිප්ස්ටික් ගෑවට මේ දේවල් ගැන දැනගෙන හිටියේ නෑ නේද ?

මේ කතාව තොල් ආලේපන ගැනයි. තොල් ආලේපන ගැන ඔබ හැමවිට උනන්දුයි. ඒත් තොල් ආලේපන ගැල්වීමට අපි කොතරම් උනන්දු වුවත් ඒවා අපේ තොල්මත රැදී සිටීමට දක්වන්නේ නම් ඉතා අඩු උනන්දුවක්. අපි පුරුදු වෙලා තියෙන්නේ නිකන්ම තොල් ආලේපනයක් ගල්වන්න නේ. එත් එය නෙවෙයි වාසිදායකම ක්රමය. වැඩි වෙලාවක් lipstick එක තොල්මත තියාගන්න ඔබත් මේ tips අත්හදා බලන්න.

01. ආලේපනයක් ගල්වන්න පෙර එය ගල්වන මතුපිට ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. තොල් ආලේපනයක් ගල්වන්න පෙර කළ යුතු වැදගත්ම පියවර තමයි තොල් මත ඇති වියළි සම ඉවත් කිරීම. තෙත ටිෂු එකකින් නැතිනම් බ්රෂ් එකකින් සෙමින් පිරිමැද තොල් පිරිසිදු කරගන්න.

02. පිරිසිදු කරගත් තොල් මත , තෙතමනය රදවා ගන්නා, තෙල් රහිත ලිප් බාම් එකක් ආලේප කරන්න.

03. ඒ මත ෆවුන්ඩේෂන් හෝ කන්සීලර් ස්වල්පයක් ආලේප කරන්න. මෙය ආලේප කරන්න ඕනෑ තොල් සම්පුර්ණයෙන්ම මැකී යන අයුරින් නොවේ. ඒත් ඔබ අදුරු සමක් සහිත අයෙක් නම්, මේ පියවර නිසා තොල් ආලේපනයේ සැබෑ වර්ණය පෙනෙන්නට ගැනීමේ වාසියක්ද තිබෙනවා.

04. ඔබ ආලේප කරන්නේ දීප්තිමත් තොල් ආලේපනයක් නම්, ඒ වටා කන්සීලර් එකක් ආලේප කිරීම තොල්වලට වැටක් බැදීම වගෙයි. එයට විසදුම තමයි අවුට් ලයින් කර එය ඇගිල්ලෙන් සෙමින් අවට වර්ණය සමග බ්ලෙන්ඩ් කිරීම. එවිට වැටක් බැන්දා මෙන් නොපෙනේවි.

05. ලිප් ලයිනර් එකක් ගෙන එයින් තොල්වල අවුට් ලයින් එක අදින්න. මෙය තදට ගා ගැනීමේ වරද නම් කරන්න එපා. තොල් වලට වඩා මහතට ලිප් ලයින් කරන්නත් එපා. ලිප් පෙන්සිල් එක තොල් ආලේපනවල තරම් තෙතමනයක් නැති එකක්. එනිසා එයින් වටේ සීමව ලකුණු කිරීම වගේම තොල් මතත් යන්තමින් අදින්න. එවිට එයට තොල් ආලේපන උරාගනීවි.

06. දැන් තොල් ආලේපනය ගල්වන්න පටන් ගන්න. තොල පුරා එකවර ආලේප නොකර ක්රමක් ක්රමයෙන් කොටස් වශයෙන් තොල් ආලේපනය ගල්වන්න. මෙසේ කළවිට එය ක්රමවත්ව හා පිළිවෙළකට පෙනේවි.

07. වරක් එසේ ක්රමවත්ව ගැල්වීමෙන් පසුව අඩුපාඩු වසමින් නැවත තොල් ආලේපනය නිමාවක් සහිත පෙනුමක් එනසේ ගල්වන්න.

08. දැන් ටිෂු එකක් ගන්න. තොල් විවර වනසේ තබාගන්න. ට්රාන්ස්ලූසන්ට් පවුඩර් (මේකප් දැමීමට පෙර මුහුණේ ආලේප කරන පවුඩර් වර්ගයක්) ටිකක් පවුඩර් බ්රෂ් එකකට ගෙන, ටිෂු කඩදාසිය මතින් තොල්වලට ගල්වන්න. මෙය විලාසිතා දැක්මවලදී මේකප් ප්රවීණයෝ පවා අනුගමනය කරන ක්රමයක්. මෙසේ කළ විට වර්ණය හොදින් රැකෙනවා. පවුඩර් තට්ටුවක් ඉතිරි කරන්නේ නැතිවම.

09. දැන් ඒ සියල්ල මත මෘදුව නැවත වරක් තොල් ආලේපනය ගල්වන්න.
ලිප් බ්රෂ් එකක් භාවිත කළොත් තවත් සාර්ථකව තොල් ආලේපනය ගල්වන්න පුළුවනි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *