ආපදා සහන හෙලිකොප්ටරයක් වෙන්නප්පුවේදී ගිං ඔයට කඩා වැටේ…

ආපදා සහන හෙලිකොප්ටරයක් වෙන්නප්පුවේදී ගිං ඔයට කඩා වැටේ…

ආපදා සහන සේවාවන්හි නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ හදිසි අනතුරකට ලක්ව තිබේ. වෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියදී මෙම යානය මෙලෙස අනතුරට මුහුණ පා ඇත.

ලැබී ඇති වාර්තාවලට අනුව අදාළ හෙලිකොප්ටර් යානය ලුණුවිල පාලම ආසන්නයේදී පාලනයෙන් ගිලිහී ගිංඔයට කඩා වැටී ඇත. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජලගැලීම්වලට කොටුවී සිටින ජනතාව බේරා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් මෙම යානය යොදවා තිබූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව යානයේ සිටි පිරිස බේරා ගැනීම සඳහා කඩිනම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. යානය කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා සාමාජිකයින් තුවාල ලබා ඇති අතර මුලදී ඉන් දෙදෙනෙකු සාර්ථකව මුදාගෙන තවදුරටත් මෙහෙයුම් සිදුකර ඉතිරි තිදෙනාද පසුව මුදාගෙන ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථ කිහිපයක්ම අනතුර සිදුවූ ස්ථානයට ළඟා වී  තිබූ අතර පස්දෙනාම නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර මාරවිල රෝහලට මේ වනවිට ඇතුළත් කර ඇත. අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් වැඩිදුර සොයා බැලීම් සිදු කරනු ලබයි
සිදුවීමට අදාළ වීඩියෝව

 

 

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *