සියලු සරප විෂ නිවාරණය කළ හැකි කෙම..

සියලු සරප විෂ නිවාරණය කළ හැකි කෙම..

gossiplanka image 1

කෙම 

ඉඳුල් නො කළ වතුර කැන්ද කොළ ගොටුවකින් ගෙන මෙහි සඳහන් මන්ත්‍රයෙන් එම වතුර ගොටුවට 21 වරක් මතුරා මුහුණ සෝදනු විස බැස යනු ලැබේ.

මන්ත්‍රය

ඕං ප්‍රෝං ප්‍රෝං  ප්‍රෝං ද්‍රෝං  තක්ෂං පට් පට්ට ඒස්වාහාං

එහි විද්‍යාත්මක පදනම

සිංහල විෂ වෙද කම සමග කෙම් ක්‍රම හා මන්ත්‍ර සම්බන්ධ වී ඇති බව මෙහි ඉහත ද සඳහන් විය. නයි පොළං වැනි උග්‍ර විෂ සහිත සර්පයින් දෂ්ට කළ විට මන්ත්‍ර මගින් විෂ බෑම, කෙම් ක්‍රම මඟින් විස සමනය කිරීම ආදිය කරනු ලබන්නේ බොහෝ විට ඖෂධ ප්‍රතිකාර එනම් සැකසූ බෙහෙත් බොන්නට දීම, නස්න කිරිම, වේදු ඇල්ලීම, දෂ්ට මුඛයට බෙහෙත් බැදීම ආදිය කරන අතර ය. සුළු විෂ සහිත සර්පයින් දෂ්ට කළ විට දී නම් මන්ත්‍රයකින්, කෙමකින් සම්පූර්ණ සුවය ලබාගත් අවස්ථා විරල නො වේ. එමෙන් ම උග්‍ර විෂ සහිත සර්පයින් දෂ්ට කළ විට කෙමකින් මන්ත්‍රයකින් සම්පුර්ණ සුවය ලද නො හැකි යයි මෙයින් අදහස් නො කෙරේ. එම කරුණු කාරණා අතර මෙම කෙම දෙස බලන කල පෙනී යන්නේ මෙය යට කී අයුරු ප්‍රතිකාර කරන අතර විස නිවාරණය පහසුකර ගැනීමට උපයෝගී කරගත හැකි ප්‍රතිකාර විධියක් බව ය.

මෙහි විද්‍යාත්මක සත්‍යය සොයා යෑමේ දී පැහැදිලි වන කරුණු කීපයක් තිබේ. ඉන් පළමුවැන්න මෙම කෙම් ප්‍රතිකාරය සඳහා නො ඉඳුල් ජලය ලබා ගත යුතු ය. නො ඉඳුල් ජලය යනු ළිඳකින් ලබාගත් පසු කිසිවෙක් පරිභෝජනය සඳහා ස්වල්පයයක් වත් නො ගෙන දූෂ්‍ය නොවූ ඒවා ය. එම ජලය ඉඳුකළ ජලය මෙන් නොව පවිත්‍රතාවයෙන් පිරිපුන් ය. එම නිසා කෙම් ප්‍රතිකාරය සඳහා සියයට සියයක් ම යෝග්‍ය වේ. දෙවන කාරණය එම ජලය කැන්ද කොළයකින් සෑදූ ගොටුවකට ම ගත යුතු ය. මැතිරිය යුත්තේ ඉසුවය. 21 වරක් ඉහත සඳහන් මන්තරයෙන් මැතිරීමට ගත වන කාලය කැන්ද කොලය සතු ඖෂධීය සාරය ජලයට උරා ගැනීමට ප්‍රමාණවත් තෙවන කාරණය නො ඉඳුල් ව ගත්, කැන්ද කොළයේ ඖෂධ ගුණ ය උරාගත් ජලය මන්ත්‍රයකින් බල ගැන්වුව විට, සාමාන්‍ය ජලය අභිබවා මප විෂ නැසිය හැකි තත්වයකට පත් වේ. එම ජලයෙන් රෝගියා මුහුණ සේප්පුව විට ශරීරගත වී ඇති සර්ප විෂ නිවාරණය වීම පුදුමයට කාරණයක් නොවේ.

ℕ – by Yathura Media Networks (Pvt) Ltd

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top