දේශීය පුවත්

හිරේ සිටි මර්වින් සිල්වාට ඇප

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස්කර මුදල් වංචාකිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඒ මහතා ඉකුත් මාර්තු මුලදී අත්අඩංගුවට ගෙන තිබුණි.

කම්කරු හා මහජන සම්බන්ධතා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ මහාධිකරණය වෙත අද (6) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා තිබේ.

එහිදී අල්ලස් කොමිසම විසින් සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් මර්වින් සිල්වා මහතාට අධි චෝදනා භාර දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!