Uncategorizedතරු ගොසිප්

දෙන්නට දෙන්නා හිත රිදෙන්න වචනයක්වත් කියාගත්තේ නැති රත්තරං අම්මෙක් සහ තාත්තෙක් මේ ඉන්නේ” අතුල – සමිතා දෙන්නා ගැන කවී දෝණි කී කතාව


අතුල – සමිතා දෙන්නගෙ දෝණි කවී, ගෙවුණු දවසක උපන්දිනය සැමරුවා.
ඒ ඇගේ ජීවිතේ ආදරණීයම අය එක්ක.
කවීගේ උපන්දිනය වෙනුවෙන්, අතුල – සමිතා දෙන්නා ඇවිත් තිබුණෙ අපූරු කේක් එකකුත් අරන්.
තමන්ගෙ එදා දවස විතරක් නෙවෙයි, ජීවිතේම ලස්සන කළ ආදරණීයන් දෙන්නා ගැන කවී කියන කතාවයි මේ….
”මම පුංචි කාලේ ඉඳන් මට කිසිම දේක අඩුවක් නොකරපු, මිනිස්සුන්ට වෛර නොකර ආදරේ කරන්න විතරක්ම කියලා දුන්න, ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් මට ඇහෙන්න දෙන්නට දෙන්න හිත රිදෙන්න වචනයක් වත් කියාගත්තේ නැති රත්තරං අම්මෙක් සහ තාත්තෙක් මේ ඉන්නේ…
“සඳ තරු මල්” වීඩියෝ එකේ ඒ චූටි කවී දිහා බලපු විදිහටමයි අදටත් අවුරුදු 29 ලබපු මේ කවී දිහා බලන්නේ…
මම අම්මටයි තාත්තටයි ඇත්තටම කොච්චරක් ආදරේ ද කියලා දැනගෙන හිටියෙ මේ ලෝකේ එක්කෙනයි, ඒ මගෙ මම්මා…
එයා නැති උනාට පස්සේ මම හිතුවා ආයෙ ජීවිතේට මම අම්මයි තාත්තටයි කොච්චර ආදරේ ද කියලා කවුරුත් තේරුම් ගන්නේ නැති වෙයි කියලා…
හැබැයි මම්ම ම ද මන්දා ඒ රත්තරන් මනුස්සයාව මගේ ජීවිතේ ට එව්වේ… ඒ දනිදු, එයා තමයි දැන් දන්නේ මම අම්මා තාත්තා ට ඇත්තටම කොච්චර ආදරේද කියලා…
මගේ අම්මි, මගේ තාත්ති මට මේ ලෝකේ ලස්සනට ජීවත් වෙන්න අදටත් දරන උත්සහය මම පුදුම විදිහට අගය කරනවා… මම ඔයාලා වෙනුවෙන් නොකරන දෙයක් නෑ… මම ජීවත් වෙලා ඉන්නකං මම ඔයාලා දෙන්නව මගෙ ඇස් දෙක වගේ බලාගන්නවා මට පුලුවන් උපරිමෙම්ම.
මොන situation එක ආවත් මේ ජීවිතේ කවුරු හිටියත් නැතත් මේ “අක්කි” ඔයාලා දෙන්නව හයියෙන් අල්ලං ඉන්නේ! මම ඔයාලා ට වැටෙන්න දෙන්නේ නෑ.
මම හොඳ මනුස්සයෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒ හැම credit එකක් ම ඔයාලා දෙන්නට යන්න ඕනේ අම්මී, තාත්තී..
මගේ ආයුශත් අරං තව දිගු කාලයක් නීරෝගීව, සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ!
ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දකින එක තරම් හිතට තවත් සැනසීමක් නැත!
බුදුසරණයි
ආදරේ විතරමයි!
-අක්කී-”

ඡායාරූප සහ උපුටාගැනීම : Kavindya Adikari ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!