තරු ගොසිප්

ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනී පුංචි පුතා එක්ක මුහුණු පොතට දාපු අපූරු පින්තූර පෙළ මෙන්න…

ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන, නම කිව්ව සැනින් දන්නා සුවිශේෂී පවුලක් තමයි ජැක්සන් ඇන්තනි පවුල කියලා කියන්නේ. 
ඒ පවුලේ හැමෝම වගේ කලාවට උපන් හපන්නු. මේ පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනි කියන්නේ රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් එකසේ දස්කම් දක්වන දක්ෂ කලාකාරිනියක්.
පසුගිය කාල වකවානුව තුළ ඇය ගැන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහට ලක්වුණේ ඇයගේ අලුත් ජීවිතයත් එක්කයි. ඉතින් දැන් ඇය ආදරණීය අම්මා කෙනෙක්. තමන්ගේ පුංචි පුතත් එක්ක ගතකරන සුන්දර මොහොතවල් මාධවී නිතරම වගේ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මාධවී ඇයගේ පුංචි පුතා එක්ක ගත්ත අලුත්ම ලස්සන පින්තූර එකතුවක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා. ජැක්සන් පවුලේ මේ පුංචි අමුත්තා එක්ක මාධවී ඉන්න ඒ ලස්සන පින්තූර එකතුවට මේ වෙනකොටත් රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!