සයුරෙන් එහා පුවත්

වසරකට ඉන්දියානුවන් 50,000ක් සර්පයින්ට බිලි…

සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ඉන්දියානුවන් 50,000 ක් පමණ මිය යන බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ එය සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට සිදුවන මරණ වලින් අඩක් පමණ වන බවයි.

2000 සහ 2019 අතර කාලය තුල ඉන්දියාව තුල සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් පුද්ගල මරණ මිලියන 1යි දශම 2 ක් පමණ සිදුව තිබෙනවා.

දුර්වල යටිතල පහසුකම්, විෂ නාශක සඳහා ප්‍රමාණවත් පුහුණුවක් නොමැති වීම මෙලෙස මරණ වැඩි වීමට හේතුවී ඇති බවයි එම නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

සර්ප දෂ්ඨ කිරීම් වලින් වැඩිම බලපෑම් එල්ල වන රටවල් අතර ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියාව ප්‍රමුඛ වනවා. 2017 දී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සර්ප දෂ්ඨ කිරීම් හා විෂ වීම, රෝගයක් ලෙස විධිමත් ලෙස ලැයිස්තුගත කළේ එයින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්.

ලොව පුරා සෑම වසරකම මිලියන 5යි දශම 04 ක ජනතාවක් සර්ප දෂ්ඨනයට ලක්වන අතර වාර්ෂිකව ලක්ෂකට වැඩි පිරිසක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!