
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දේශානි නෙහාරා පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණු අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ ඇයගේ නාසයට සිදුවී තිබූ අනතුරයි. විශේෂයෙන්ම ඇයගේ මුහුණේ නාසය ප්‍රදේශයේ අලවන ලද ප්ලාස්ටරයක් සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ ඇයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා දැඩි ලෙස විමසිලිමත් වී තිබුණා.
එම ඡායාරූපය සමඟ ඇය තැබූ ආන්දෝලනාත්මක සටහනක් හේතුවෙන් මෙය යම්කිසි වෙනත් සිදුවීමක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව රසිකයන් අතර නොයෙකුත් මතවාද ද පළවී තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුළ පැවති කුතුහලය දුරු කරමින් ඊට අදාළ සැබෑ තත්ත්වය හෙළිදරව් කිරීමට දේශානි නෙහාර පසුගියදා කටයුතු කර තිබෙනවා. ඇය සඳහන් කර සිටියේ තමන්ගේ නාසයට සිදුවූ මෙම අනතුර හුදෙක් ඇද වැටීමක් නිසා සිදුවූවක් මිස සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ ආකාරයේ වෙනත් යමක් නොවන බවයි. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ මුළු රටම තම නාසයේ කුඩා තුවාලයක් ඇති බව දැන සිටියත්, ඇත්තටම සිදුවූයේ තමන් ඇද වැටීමක් බවයි.
මෙම නාසයේ තුවාලය නිසාම ඇය ප්‍රකටවී තිබූ අතර ඇයව උත්සව වලට කැඳවීමටත් අලුත් ටෙලිනාට්‍ය ලැබීමටත් පාඨක අනුකම්පාව ලැබීමටත් එය හේතු විය.
මෙම නාසයේ තුවාලය සමග ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇයත් ඇගේ පෙම්වතා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අතර සම්බන්ධය බිඳීයාමෙන් වුන සිත් තැවුල ඇය ප්‍රසිද්ධ කර තිබූ අතර ඔහුගේ පහරදීමක් ගැන ලැබුණ අනුකම්පාව පාවාදී සති කිහිපයක් ඇතුළත යළි ඔහු සමග මිතුරු වීමෙන් පසු ඇයගේ කතාව වෙනතකට හැරී ගොස් තිබේ.




