තරු ගොසිප්
ගැහැණියකුගේ ජීවිතය අපායක් වෙනවාද දිව්යලෝකයක් වෙනවාද කියලා තීරණය වන්නෙ ඇයට හිමිවන ස්වාමීපුරුෂයා මතය.

@highlight ගැහැණියකුගේ ජීවිතය අපායක් වෙනවාද දිව්යලෝකයක් වෙනවාද කියලා තීරණය වන්නෙ ඇයට හිමිවන ස්වාමීපුරුෂයා මතය.
කාලයක් තිස්සේ ඇස් රතු වෙනකං අඩපු ගැහැණියෙක් ඒ ඇස් වලින්ම හිනා වෙලා ඉන්නවා දකින එක තරම් සතුටක් මට නම් වෙන නෑ.
ජීවිතේ ප්රතිහාර වෙනවා හිතන්නේ වත් නැති අවස්ථා වලදි, ඔව් ඒ විශ්වීය මුණගැසීම්ය.
රශ්මිකා ඇයගේ මුහුණු පොතේ ඒ තබපු සටහන දැක්කම මට හිතුනේ අනේ දෙවියනේ ඒ කෙල්ල කොච්චර නම් වාසනාවන්තද කියලා.
විජේ තබපු සටහනට වඩා මට ඒකට හිත ගියේ ඒකයි. ආදරේ කරනවට වඩා ආදරයක් ලබන්න තරම් වාසනාවක් තියෙන එකම කොච්චර පිනක්ද කියලා.
මේ මගේ මනුස්සයා කියලා ලෝකෙට කිව්ව මොහොතේ ඇයට කෙතරම් ආඩම්බරයක් දැනෙන්න ඇතිද ?ලෝකෙ ඉන්න හොඳම පිරිමි ආත්ම අතරින් එක්කෙනෙක් මටත් අයිති නේද කියලා එයාට කොහොම දැනෙන්න ඇතිද?
මේ පින්තූරයම හොඳම සාක්ෂියක් ඇගෙ හදවත තුල වු සන්තෝෂය වගෙම ඇයගේ ආත්මය සැනසෙන අයුරු කෙසේදැයි අපිට බලාගන්නට. ඔව් ඇගෙ ඇස් කතා කරනවා. මම දැක්කේ එහෙමයි
ඉතින් දවසක ගැහැණියක් ලබන ආත්ම තෘප්තිය තමන්ගේ බිදුණු හදවත සුව කල ඇයට සවියක් වුන ඇගෙ ආත්මයට සැනසීමක් දෙන පරිණත පිරිමි ආත්මයක් මුණගැසීමයි.
ඒ ඇස්වල තියෙන සතුට හැමදාම ඇයගේ පරිස්සම් විය යුතුය.
“ප්රේමය ජීවිතය කරගත්ත ගැහැණුන්ට ප්රේමය ආශිර්වාදයක් කරගත් මිනිස්සු මුණ ගැසිය යුතුමය “




~ Zephyria
Dilmi Hewavitharana



