ශ්‍රී ලාංකේය කලාකරුවන් සංකේතාත්මක කීර්තිනාමයන් බවට පත්කිරීම අරමුණු කොට ගනිමින් ශ්‍රී ලංකාවෙන් ලෝකය වෙත කලාකරුවන් ගෙනයෑමේ වේදිකාව වන Outright Play විසින් සංවිධානය කරනු ලැබූ Outright Stage හි ප්‍රථම වෙළුම Outright Stage – Volume 1 නමින් පසුගියදා පොප් සංගීතයේ ගෝලීය සලකුණක් වන යොහානිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සජීවී සංගීත ප්‍රසංගයක් සමගින් දියත් කරන ලදී.
ශ්‍රී ලාංකීය වේදිකාවට නැවත පැමිණි යොහානි
ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව මෙරට සජීවී සංගීත සංදර්ශනකරණයට නවමු අරුතක් එක්කරමින් Waters Edge Main Ballroom හි පැවැති මෙම සංදර්ශනය සඳහා 1000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ. වසර 3කට පසු වේදිකාවට නැවත පැමිණි යොහානි විනාඩි 90ක් පුරා රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කිරීමට සමත් වූයේ, ඇයගේ ගීත සිංහල හා හින්දි අනුවාදනයන් මෙන්ම ‘කෙල්ල’ ඇල්බමයේ ගීත ඇතුළු ගීත 28කින් වේදිකාව වර්ණවත් කරමිනි. ඒ ගීත අතුරින් ගීත 20කට ආකර්ෂණීය නර්තනයන් ද වේදිකාව මත ඉදිරිපත් කළ යොහානි, එකොස්ටික් හා ඉලෙක්ටි්‍රක් ගිටාර් මෙන්ම පියානෝව වාදනය කරමින් ගීත කිහිපයක සංගීතයෙන් ද ප්‍රේක්ෂකයන් පිනවීමට කටයුතු කළාය.
Outright Play හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි දිලංජන් සෙනෙවිරත්න මහතා විසින් මෙම සංදර්ශන සංකල්පය දියත් කරනු ලැබුවේ ශ්‍රී ලාංකේය කලාකරුවන් ගෝලීය වේදිකාවට ඔසවා තැබීමේ සමාගම් දැක්මෙහි පියවරක් ලෙසිනි. ඒ සම්බන්ධයෙන් අදහස් එක්කළ දිලංජන් සෙනෙවිරත්න මහතා ”Outright Stage කියන්නේ ප්‍රසංගයක් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ලෝකය වෙත කලාකරුවන්ගේ දක්ෂතා ගෙනයෑමේ අවස්ථාවක් ලෙස ද පෙන්වාදිය හැකිය. යොහානිට මෙන්ම ජාත්‍යන්තර වේදිකාව තුළ සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සිහින දකින සෑම කලාකරුවකුගේම සුවිශේෂී සන්ධිස්ථානයක් වන මේ තුළින්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වීමට හැකි බව අද ඔප්පු කිරීමට සමත් වුණා” යනුවෙන් පැවසීය.
ශ්‍රී ලාංකීය වේදිකාවට නැවත පැමිණි යොහානි
Outright Play වෙතින් හඳුන්වා දෙනු ලැබූ නවක කලාකාරිනියන් වූ අමර්ෂා තිසේරා සහ රුමල්කි රවීෂා සංගීත සන්ධ්‍යාවට නව ජවයක් මෙන්ම අපූර්වත්වයක් එක්කිරීමට සමත් වූයේ, සිය දක්ෂතාවන් වේදිකාව මත ප්‍රදර්ශනය කරමිනි. මෙහි තවත් සුවිශේෂී මොහොතක් වූයේ යොහානි විසින් මෑතකදී නිකුත් කළ ‘නංගියා’ ගීතය සමග යොහානිගේ සහෝදරිය පියානෝ වාදනයෙන් වේදිකාවට එක්වීමයි.
ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් ලබාදෙමින් වසර දෙකකට වරක් ශ්‍රී ලාංකේය සංගීත හැකියාවන් ප්‍රදර්ශනය කරන ප්‍රසංග මාලාවක ආරම්භය සනිටුහන් කිරීම ද ”Outright Stage (Volume 1) හි සාර්ථකත්වය තුළින් සනිටුහන් විය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසංග සංවිධානය කිරීමට ද සැලසුම් කර ඇති ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර අත්දැකීම වන Outright Play සංකල්පය තුළින් මෙරට කලාකරුවන් සංකේතාත්මක කීර්තිනාමයන් බවට පත් කිරීම අරමුණු කොටගෙන ඇත.
මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යොහානි සඳහන් කර සිටියේ “වසර 3කට පසු මගේ මව්බිමේ වේදිකාවක් මත සිට මගේ රසිකයන්ගේ ආදරය විඳගැනීමට ලැබීම මා ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි” යනුවෙනි. “අමතක නොවන අවස්ථාවක් වූ එම ප්‍රසංගය සංවිධානය කිරීම පිළිබඳව Outright Play සහ සියලු අනුග්‍රාහක භවතුන්ට මාගේ ස්තුතිය පිරිනමනවා” යනුවෙන් වැඩිදුරටත් පැවසුවාය.
නවතම ආකෘතියකට අනුව යමින් විවිධ කලාකරුවන් සමගින් එක්ව වසර 2කට වරක් සජීවී සංගීත ප්‍රසංග පැවැත්වීමට සැලසුම් කර ඇති Outright Play දේශීය කලාකරුවන් ජාත්‍යන්තර විශිෂ්ටයන් බවට පත් කිරීම උදෙසා කැපවී කටයුතු කරයි.
“මේ ආරම්භයක් පමණයි. අපට අවශ්‍ය වන්නේ අපගේ කලාකරුවන්ට ලෝකයේ විශිෂ්ටයන් අතරට එක්වීමේ හැකියාව හා වේදිකාව ජය ගැනීමේ හැකියාව ඇති බවට ප්‍රේක්ෂකයන් තුළ විශ්වාසය ඇතිකිරීමයි. එය යථාර්ථයක් බවට පත් කිරීමට Outright Play අපි කැපවී කටයුතු කරනවා” දිලංජන් මහතා පවසයි.