තරු ගොසිප්

එයා කොච්චර එන්න කීවත් Film ටික ඉවර කරනකම් මම ලංකාවෙන් යන්නෙ නෑ…

කොහොමද ලංකාවට ආවට පස්සේ  විඳින ප්‍රතිචාර? 

අම්මෝ ඒ ගැන නම් කියන්නන වචන නෑ…හුඟක් කාලෙකට පස්සේ නිසා ඇත්තටම මම හිතුවා

මාව මිනිස්සුන්ට අමතක  වෙලා ඇති කියලා.අනේ ඒත් එහෙම නෑ.කොහේ ගියත් මිනිස්සු ඇවිල්ලා  කතා කරනවා. පින්තූර ගන්නවා කොහොමද අහනවා..පුදුම සතුටක් දැනෙන්නේ…. 

ඒ සතුට දාලා තව ටික කාලෙකින් ආය ඇමරිකාවට යන්න දුක හිතෙන්නේ නැද්ද?

දැන් ඉතින් මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ එතනනේ.ඒ නිසා එහෙම යන්න දුකක් හිතුණත් යන්න වෙනවා.හැබැයි දාලා යන්න බෑ කියලා ලොකු කෑදරකමක් ලෝභකමක් නම් හිතෙන්නේ නෑ…..කොහේ හිටියත්  මගේ රසිකයන්ගේ ආදරය මට හැමදාම ලැබෙනවා කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා

සතියකට විතර කියලා ලංකාවට ඇවිත් මෙහෙම නවතිද්දි ඔයාගේ ආදරණීය මහත්තයා  දැන් ඇති ඉක්මනින් එන්න කියලා එහෙම කියන් නැද්ද?

දවසකට කෝල් විසිපහක් විතර දෙනවා…..දැන් නැති එන්න කියලමයි කියන්නේ…

එතකොට ඔයා මොකද කියන්නේ? 

 

මම කිව්වා  තව ටික දවසක් මගේ පාඩුවේ මට මේ වැඩ ටික කරගෙන ඉන්න  නිදහස දෙන්න කියලා….ළඟ ඉද්දි එච්චර අගයක් නැති වුණාට ඕනෙම කෙනෙකුට වැඩියෙන් අගේ දැනෙන්නේ ළඟ නැති වුණාම
කියලත් මට මේ ටිකට තේරුණා

 

ඒ මොකෝ එහෙම කියන්නේ ? 

ඇත්තම කිව්වොත් ගෙදර ඉද්දී ඒ තරම් හොයලා බැලුවේ නැද්ද කියලත් හිතෙනවා…කෑවද බීවද කොහොමද කියලා ළඟ ඉද්දි හොයලා බැලුවේ නැතත් දුර ගියාම හොයලා බලන එක කොයිතරම්ද කියන එක තමා මට දැනුණේ…එයා මම එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා කියන එක දැන්නම් හොඳටම තේරිලා තියෙන්නේ

ඉතින් යනවද ඉක්මනින්? 

කොච්චර ආසාවෙන්ද රඟපාන්න ගත්තේ….භාරගත්තු චිත්‍රපට ටික අතරමග දාලා යන්නෙ නම්…. නෑ ….මම එයාටත් කිව්වා මේ ටික ඉවර කරලා මම නිදහසේ එනකම් ඉන්න කියලා

ඔයාට හුඟාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ

මම අද මෙතන ඉන්නේ එයාලගේ ආදරේ හින්දා.නිළියක් විදියට මම හැමදාම ගොඩනැගුනෙත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය හින්දා..ඒ ආදරය නැති වෙච්ච දවසට අපිට පවතින්නත් බෑ…මං ඒ  ආදරේට පුදුම තරම් ආදරෙයි

Under the courtesy of saaravita.lk

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!