Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

කැරිබියන් වෙරළේ ෆොටෝ ගහපු ඒ කාන්තාවට වුන බිහිසුණු වැඩේ මෙන්න…

කැරිබියානු වෙරළ තීරයක කාන්තාවක් ඡායාරූපයක් ගනිමින් සිටියදී මෝරෙකු ඇගේ දෑත් සපා කෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැනේඩියානු ජාතිකයෙකු බව සැලකෙන 55 හැවිරිදි කාන්තාව මෙම පහර කෑමට ගොදුරු වුණේ පසුගිය සිකුරාදාය. තොම්සන්ස් කෝව් අසල නොගැඹුරු වෙරළ තීරයේ දී ඇය මෙම අනතුරට ගොදුරු වූ බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

බලධාරීන්ට අනුව, කාන්තාවට පහර දුන් මෝරා අඩි 6 ක් පමණ දිග කොල්ලකාරී මත්ස්‍යයෙකි.
ඇයගේ එක් අතක් මැණික් කටුවට පහළින් කපා දමා ඇති අතර අනෙක් අත අඩක් ඉහළට කපා දමා ඇති බව වාර්තා පවසනවා.

ඇය මේවන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කැනඩාවට ආපසු රැගෙන ගොස් තිබෙනවා.
විශේෂය තහවුරු කර නොතිබුණද, මාධ්‍ය වාර්තා යෝජනා කළේ පහර දුන් මත්ස්‍යා බුල් වර්ගයේ මෝරෙකු බවයි.

බියට පත් ඇගේ සැමියා මෝරා නැවත පහර දීමට පෙර එළවා දැමීමට උත්සහ කර ඇති බවද සඳහන් ය.
පහර දීමට පෙර මෝරා, විනාඩි 40 ක් පමණ ප්‍රදේශයේ පිහිනමින් සිටි බව ද වාර්තා වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!