Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හෙට ඔවුන්ගේ ගොඳුර ඔබ විය හැකියි. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්…

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මතඅතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබෙනවා.

අනුව, අදාල සිදුවීම සහ එහිදී එම පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය ඇතුලු කරුණු පිළිබද සොයාබැලෙනු ඇති බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ.

අතුරුගිරිය හල්බරාව ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසල වෙළදසැලකට යාමේදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීම මත තමන් මෙලෙසපෙරේදා පස්වරුවේ පොලිසියට රැගෙන ගිය බව ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල කියා සිටියා.

කෙසේ වෙතත්, අදාළ පාර්ශවය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කළ පසු විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවයිපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කළේ.

මේ අතර අනීතිකව අත්අඩංගුවට ගෙන වද හිංසා සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ඔහු අතුරුගිරිය පොලිසියේස්ථානාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකළා.

කසුන් මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී ඊයේ පස්වරුවේ පොලිස්පති සහන මැදිරියට වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුනා.

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!