Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඇයට ආදරේ හැමෝටම මේක නම් සුබ ආරංචියක්… ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට…?

ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දමිළ සිනමාවට

නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් වන මිෂෙල් දිල්හාරා කියන්නෙ නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්.

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.

මිෂෙල් ගැන මේ කතාබහට හේතු වුණේ නුදුරේදීම අපිට ඇයව ”දමිළ සිනමාව ඔස්සේ දැකගන්න ලැබීමට නියමිතය” යන සුබ ආරංචිය ඔබට අරන් එන්න.

චිත්‍රපටයේ නම ”අධිරන්” (Adhiran)

එහි නිල පූර්ව ප්‍රචාරක පටය මාර්තු 22 වැනිදා එළිදැක්වීමට නියමිතයි.

විශේෂම කාරණය නම් පළමු දමිළ සිනමා පටයෙන්ම ඇයට ප්‍රධාන චරිතයක් ලැබීම. ඒ අනුව සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති.

තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අධිරන්, මිෂෙල්ගේ පළමු දමිළ සිනමා සිත්තමයි.

තවත් විශේෂත්වයක් නම්, චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ වීම.

චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ චෙන්නායිවල බවයි කියවෙන්නෙ. ඒ වගේම ලංකාවේත් එය තිරගත වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!