දේශීය පුවත්

ජාත්‍යන්තර සබඳතා නෑ කියපු අනුර මෝදිගේ යාළුවෙකුත් වෙලා… ඉන්දීය අගමැති සටහන් කල අලුත්ම ෆේස්බුක් සටහන

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ.

එහිදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබිණි.

අනතුරුව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර මැද පිළි ගනු ලැබීය.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර එහිදී අටමස්ථානාධිපති හිමි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුරය නගරය වෙත පැමිණ තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එකම රථකය.

ඒ අතර මග ලබාගත් ඡයාරූපයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ පල කර තිබුණි.

එම ඡායාරූපයට තබා තිබූ සටහන වන්නේ, “මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී” යනුවෙනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!