Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ..- නලින් බණ්ඩාර

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක නොවන බව සාම්ප්‍රදායික ජල සත්කාර අවස්ථාවේදී දැකගත හැකි වූ බවයි.

එය ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා පහළ මට්ටමේ ගරුඩා ගුවන් සේවයට වසර 14ක් බදු දුන් එයා බස් යානයක් බවත් කී ඔහු එය රජය රටට ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළත් පැවසීය.

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය තව දුරටත් ජනතාවට බරක් කිරීමට යනවාදැයි ඔහු විමසීය.

 


Asian Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!