සයුරෙන් එහා පුවත්

පිළිකාවට එන්නතක්..! රුසියාවෙන් !

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා.

මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බවයි රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණමධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කරන්නේ.

මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතයසඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.

ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත බවටහදුන්වා දෙනවා.

මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයිවාර්තාවනවා.

මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණේඅපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණඖෂධ ​​නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමුයනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!