ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ (Dhirubhai Ambani International School) වාර්ෂික විවිධ ප්‍රසංගය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍යවල ප්‍රධාන සිරස්තරයක් බවට පත් වෙන්න පටන් අරගෙන වැඩි කාලයක් නැහැ.
ගිය වසරෙත් මේ කාලය වන විට එම පාසලේ විවිධ ප්‍රසංගය බොහෝ අයගේ කතා බහට ලක් වුණු මාතෘකාවක් වුණා. ඒ ප්‍රධාන වශයෙන්ම ආරාධ්‍යා බච්චන් නිසා.
එහි වාර්ෂික නත්තල් නාට්‍යයට ඇය කළ ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍යවල පුදුම විදියට ප්‍රසිද්ධ වුණා. අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන්ගේ දුව ආරාධ්‍යා විතරක් නෙවෙයි මේ නාට්‍යයේ ෂාරුක් ඛාන් සහ ගෞරී ඛාන් දෙපළගේ පුත් ඒබ්‍රහම් ඛාන්ගේ පෙනී සිටීමටත් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වීම විශේෂත්වයක්.
ඉන්දියාවේ සුපිරි තරු, ක්‍රීඩකයින් සහ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ගේ පාසල වූ ධීරුබායි අම්බානි ජ්‍යාත්‍යන්තර පාසල ඇත්ත වශයෙන්ම ජ්‍යාත්‍යන්තරයට ගෙන යන්න ආරාධ්‍යා සහ ඒබ්රහම්ගේ අපූරු රංගන හැකියාව හේතු වුණ බවයි එරට මාධ්‍ය වල සඳහන් වුණේ. තරු දරුවන්ට හැම ක්ෂේත්රයකම දොරවල් ඇරීම ඉන්දියාවේ සාමන්‍ය දෙයක්. ඒත් ආරාධ්‍යා නම් ඒ තැන ලැබීමට ඇය සුදුසුයි කියලා හැකියාවෙන්ම පෙන්නුම් කර තිබෙනවා…..
ඒබ්‍රහම් කියන්නේ තරු දරුවෙක් විදියට අසීමිත ආදරයක් ලබන දරුවෙක්. ඔහුගේ රංගනයත් ඔහු තරම්ම හුරුබුහුටි වුණා.
මේ 2024 දෙසැම්බර් 19 වන දින පැවැත්වුණු වාර්ෂික ප්රසංගයටත් ඔවුන් දෙන්නගේ සහභාගීත්වය නිසාම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් අවධානයට ලක් වුණා. පුරුදු විදියටම වාර්ෂික නත්තල් නාට්‍යයට ආරාධ්‍යා සහ ඒබ්‍රහම්ගෙන් ලැබිලා තිබුණේ විශාල ආලෝකයක්. විශේෂයෙන් ආරාධ්‍යා දක්වපු කුසලතාවයන් ඇය එහි චතුර ලෙස ඉංග්‍රිසී භාෂාව හසුරුවන ආකාරය බොහෝ දෙනෙක් මවිතයට පත් කළා. නාට්‍යයේ ඒබ්රහම්ගේ නිරූපනය සම්පූර්ණයෙන්ම ඔහුගේ තාත්තගේ නිරූපනයන්හි කාබන් කොපියක් බඳු වුණා. ආරාධ්‍යා අභිෂේක්ගේ කාබන් පිටපතක් යැයි බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණා.
අභිෂෙක් බච්චන්, අයිශ්වර්යා රායි සමඟ සිය මිණිපිරියගේ හපන්කම් බැලීමට සීයා වන අමිතාබ් බච්චන් ද එක් වී සිටි අතර ෂාරුක් ඛාන්, ගෞරි ඛාන් සහ සුහානා ඛාන් ඒබ්රහම්ගේ රංගන කෞෂල්‍යන් දෙස ආඩම්බරයෙන් බලා සිටිනු දක්නට ලැබුණා.