දිල්හානි මාරුතයේ රේණුකාගේ චරිතෙ ප්‍රතික්ශේප කරනවා , යශෝ ඒ කරනවා , යශෝ උප්පලවණ්ණා ප්‍රතික්ශේප කරනවා , සංගීතා ඒ චරිතෙ භාරගන්නවා. කිසිම දවසක කිසිම මාධ්‍යයක මේ ප්‍රතික්ශේප කිරීම භාර ගැනීම් ගැන ඔවුන් කටවත් හොලවලා නෑ,…ඒකට දැන් ඉන්න නිලියෝ…?

දිල්හානි මාරුතයේ රේණුකාගේ චරිතෙ ප්‍රතික්ශේප කරනවා , යශෝ ඒ කරනවා , යශෝ උප්පලවණ්ණා ප්‍රතික්ශේප කරනවා , සංගීතා ඒ චරිතෙ භාරගන්නවා. කිසිම දවසක කිසිම මාධ්‍යයක මේ ප්‍රතික්ශේප කිරීම භාර ගැනීම් ගැන ඔවුන් කටවත් හොලවලා නෑ,…ඒකට දැන් ඉන්න නිලියෝ…?

නිළියන්ගේ එකමුතු කමට මොකද වුණේ ??

මායාවි ටෙලිනාට්‍යයේ නිලියගේ ප්‍රශ්නය සම්බන්ධ පෝස්ට් දකිද්දි මගේ ඔලුවට ආවේ එක දෙයයි, කෝ මේ සහෝදර ශිල්පිනියන් අතර සමඟියක් , එකමුතුකමක් ? හේතුව තමයි ඒ පෝස්ට් වල සැහෙන්න අදාළ නිළියගෙ සමකාලීන නිලියන් ප්‍රමානයක් කමෙන්ට් කොට තිබීම සහ එම පෝස්ටු ශෙයා කිරීම, ඒ නිලිය වැරදි ඇති, ඒත් ඉස්සර නිලියෝ යාලුවෝ වෙනුවෙන් පෙනී සිටියා.
සංගීතා වීරරත්න වැඩසටහනක කියනවා ඔවුන් රූගත කිරීමක ඉද්දි ඇය උදේ පාන්දර නැගිටලා මුහුදු වෙරලේ දුවන්න යන බවත් චරිතයට අදාලව ඇයට ඇඟ අඩු කරගන්න ඕන වෙලා තිබුණ බවත් ඉතින් තනියම දුවන්න කම්මැලි කමට හැමදාම පාන්දර යශෝ ව ඇහැරනවා ලු , ඇහැරෙන්නෙම නැති තැන හොලවද්දි යශෝ ඇඳෙන් බිමට වැටිලා ඇහැරෙනවා ලු , යශෝ නෝක්කාඩුවෙන් කියනවා ලු ඇයි මං දුවන්නේ මං කෙට්ටුයි නේ කියලා, අන්තිමට කොහොම හරි හැමදාම යශෝ ඉතින් ,පාන්දර නැගිටලා සංගි දුවනකම් වැල්ලේ චිත්‍ර ඇඳ ඇඳ ඉන්නවාලු. මං දැන් නිලියන්ට එකට දුවන්න යන්න කියනවා නෙවෙ මේ
ඒත් එකම ක්ශේත්‍රයක් තුල වැඩ කරන ඔවුන් තුල එකිනෙකා කෙරෙහි කිසිම ආදරයක්, ගෞරවයක් පේන්නට නැත, එක්කෙනෙක් කියනවා එයාගේ චිත්‍රපටි වෙන කෙනෙක් උදුර ගත්තාලු, තව එක්කෙනෙක් හොඳම නිලියට නිර්දේශ වෙලා නෑ ලු නුසුදුසු අය නිර්දේශ වෙලා ලු, තව එක්කෙනෙක්ට අනිත් හැම නිලියම ඉරිසියයි ලු , තව එක්කෙනෙක් ගේ බෝයි ෆ්‍රෙන්ඩ් උදුර ගත්තාලු, ඉස්සර නිලියන්ටත් මේ ප්‍රශ්න තිබූ බව නිසැකයි ඒත් එයාලා කවදාවත් ඒවා ප්‍රසිද්ධ මාධ්‍යට කියල නෑ, ඒ අනෙක් කෙනාගේ ගෞරවය වගේම මේ ක්ශේත්‍රය තුල මිනිස්සුන්ගේ ඔළුවෙ තියෙන සුන්දර හැඟීම කාලා දාන්න ඕන නැති නිසා වෙන්න ඇති,
දිල්හානි මාරුතයේ රේණුකාගේ චරිතෙ ප්‍රතික්ශේප කරනවා , යශෝ ඒ කරනවා , යශෝ උප්පලවණ්ණා ප්‍රතික්ශේප කරනවා , සංගීතා ඒ චරිතෙ භාරගන්නවා.යශෝ දාමිණි ටෙලිනාට්‍යයෙ මඟදි නාට්‍ය දාලා යනවා සිනමාවම මූලික කරන් ඉදපු සංගීතා ඒ චරිතේ ඉතුරු ටික කරනවා, යශෝ දොරකඩ මාරාව භාර ගත්තත් රූගත කිරීම් වලට එන්නේ නැතුව මගහරිද්දි සංගීතා වැඩේ භාරගන්නවා (දොරකඩ මාරාව ගැන ඒ කාලේ වාර්තා වුණේ එහෙම සියයට සියයක් නිරවද්‍ය දැයි නොදනිමි)
ඒත් ඉතින් කිසිම දවසක කිසිම මාධ්‍යයක මේ ප්‍රතික්ශේප කිරීම භාර ගැනීම් ගැන ඔවුන් කටවත් හොලවලා නෑ, අද නිලියෝ වුනා නම් අපො එයා කරන්නේ මං රිජෙක්ට් කරන රෝල් කියලා ලංකාව පුරාම පතුරලා.2003 සංගී, යශෝ තමයි රිදී රැයක් පටන් ගැන්මේ මූලාරම්භය ,අවුරුදු කීපයකින් යශෝ රිදී රැයක් අයින් වුණත් සංගීතා ඒ සම්බන්ධයෙන් යශෝට අහිතක් වෙන වචනයක් අදටත් කියලා නෑ.
සමකාලින යාලුවෝ ටික සිනමාවෙ සාර්තක වෙද්දි සිනමාව තුල එතරම් සාර්තක වෙන්න බැරි වුන නිල්මිණි තෙන්නකෝන් ඔවුන්ට වචනෙකින් වත් මුකුත් කියල තියෙද ? කවදාවත්ම නෑ, අදටත් ඉතා සක්‍රීය ලෙස රංගනයේ යෙදී ඉන්න අපූරු නිර්මාන වලින් අප අතරට නිතර නිතරම එන අනූවේ එකම නිලිය දිල්හානිට ඉරිසියාවට වචනයක් කියල තියද එයාගෙ සමකාලින නිලියො කවුරුවත්? යශෝට, සංගීතාට ජාත්‍යන්තර චිත්‍රපට ලැබෙද්දි මෙහෙ කරගන්න බැරි අය තමයි එහෙ යන්න දගලන්නෙ වගෙ කතා දිල්හානි කියන්න තියා හිතලාවත් නැතුව ඇති.
මේ මං නම් කියපු අයගේ චිත්‍රපටි, ටෙලිනාට්‍ය ගානෙන් දශම ගානක් වත් කරල නැති මේ මිනිස්සු ලබපු සම්මාන ඇගයුම් වලින් කාලක් වත් නොලබපු හිස් කල හඬ නගනා යුරු ,මැනවින් පිරුණු කල නොසැලී හුන් අයුරුද දුටු දෑසින්මනිල් බලා හිඳිමි. ඔවුන් ලස්සනයි,ලස්සනට රංගනයේ යෙදුණා,ලස්සනට හැසිරුනා, මේ එකක් වත් නොකරම තමන්ගේ ශරීරයවත් ලස්සනට මේන්ටේන් නොකරන ,අවුරුදු දෙකක් කතාව ඇදෙනවා නම් මුල ඉඳපු චරිතෙ අගට යද්දි විනාස කරලා දමන නිලියෙනි, මොවුන් දෙස බලාවත් දේවල් ඉගෙන ගන්න.ප්‍රොෆෙශනලිස්ම් රැකගන්න ❤️

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *