තරු ගොසිප්

ලෝකේ වැඩියෙන්ම නිවාඩු ගන්න රට දන්නවද? ඔන්න එහෙනම් දැනගන්න !

මේ කියන්න යන්නේ තවත් බොහෝ දෙනෙක් දැනගන්න කැමති සිදුවීමක් ගැන කතාව.. 

2025 අපේ දින දර්ශනයේ නිවාඩු වෙන් වෙලා තියන විදිහ ගැන මේ වෙද්දී හැමෝම දන්නවා ඇති නේද..?

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබෙනවා..

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නම් කර ඇත්තේ නේපාලයයි..

නේපාලයට 2025 වසර සඳහා රජයේ අනුමත පොදු නිවාඩු දින 39ක් හිමිවන අතර, එම ශ්‍රේණිගත කිරීමට අනුව මියන්මාරය ලබන වසර සඳහා නිවාඩු 32ක් හිමිකරගනිමින් දෙවැනි තැනට නම් කර තිබෙනවා…

නිවාඩු 26ක් ලබන වසර සඳහා ලබා දෙමින් ඉරානය තුන්වන ස්ථානයටත් හිමිකරගෙන තිබෙන අතර නිවාඩු 25 හිමිකරගනිමින්  ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි..

බංගලාදේශය, ඊජිප්තුව සහ ඉන්දියාවට ලබන වසර සදහා නිවාඩු 22 බැගින් සඳහන්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවේ නිවාඩු දිනයන් ගණන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර වික්ටෝරියානුවන්ට 2025 වසර සඳහා නිවාඩු දින 12ක් හිමිව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!