දේශීය පුවත්

කටුනායක ගුවන්තොටේ සිදුවුණු අපූරු දරු උපත..

මේ කතාව ඇසෙන්නේ නොසිතූ මොහොතක සිදුවුණු තවත් දරු උපතක් ගැනයි.

ටැන්සානියානු ජාතික කාන්තාවක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද(05) දින දරුවකු බිහිකර තිබෙනවා.

ඇය ඩුබායි සිට පැමිණ ඇත්තේ ෆිට්ස් එයාර් 8D-822 ගුවන් යානයෙන්.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් දක්වා වන ගමනාන්තය වෙනුවෙන් මීළඟ යානයට ගොඩවීම සඳහා ඇය ගුවන්තොටුපළ තුළ රැඳී සිටින අතරමැදි කාලය තුළ ඇය සිය දරුවා බිහිකර ඇති බව සඳහන්.

ප්‍රසූත වේදනාව හටගැනීම හේතුවෙන් ඇය වහාම කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම දරු උපත සිදුව තිබෙනවා.

පිරිමි දරුවකු උපත ලබා ඇති අතර දරුවා නිරෝගීව සිටින බවත් මීගමුව රෝහල වෙත ගිලන් රථයකින් යැවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!