සයුරෙන් එහා පුවත්

ජර්මනිය යුද්ධයට සූදානම් වෙයි…

(විමුක්ති එස් රුද්‍රිගු)

ජර්මනිය වසර දෙකක් තුළ යුද්ධයට සූදානම් කිරීමට තමන්ට නියෝග ලැබී ඇතැයි සන්නද්ධ හමුදා සහායක අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ජෙරල්ඩ් ෆන්කි පසුගියදා ප්‍රකාශ කළේය. තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතින මොහොතක ලුතිනන් ජෙනරාල්වරයා මෙම තීරණයට එළැඹී තිබේ.

තීරණය පිළිබඳව අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් ජෙරල්ඩ් ෆන්කි මහතා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව, නේටෝ සංවිධානයට යුද ප්‍රකාශ කිරීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් රුසියාව ජර්මනියට ප්‍රහාර එල්ල කළහොත් එරට රෝහල් පිරී ඉතිරී යනු ඇති බවත්ය. එවැනි අවස්ථාවකදී ජර්මානු වැසියන්ගේ සහාය නැතුව රුසියානු හමුදාවට මුහුණදීමට ජර්මානු හමුදාවට නොහැකි වනු ඇතැයිද ඔහු පැවැසුවේය.

යුද්ධයක් ඇතිවුවහොත් වෙනස් ආකාරයකින් සටන් වැදීමට යුරෝපයට සිදුවනු ඇති බවත් තව දුරටත් ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවි ආරක්ෂාව යුරෝපයට නොලැබෙනු ඇති බවත් ලුතිනන් ජෙනරාල් ජෙරල්ඩ් ෆන්කි ප්‍රකාශ කළේය. රුසියාවට යුරෝපයේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බවත් එවැනි ප්‍රහාරයකදී ඇමෙරිකාව රුසියාවට පෙරළා පහර නොදෙනු ඇති බවත් ඔහු පැවැසුවේය.

ජර්මනියට 55,000 ක පමණ හමුදා බලඇණියක් සිටින අතර රුසියාව යුද ප්‍රකාශ කළහොත් කොවිඩ් වසංගතය පැවැති කාලයට වඩා ජර්මානු රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී යනු ඇතැයි ලුතිනන් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!