තරු ගොසිප්

අවුරුදු 10ක් තිස්සේ ගෙදර දෙකක නම් දෙකකින් රහසිගතව ජීවත් වුනු පුදුමාකාර බළලෙකුගේ කතාව මෙන්න…

නවසීලන්තයේ wellington ප්‍රාන්තයේ සිටි ඇලෙක්සැන්ඩර් නම් පවුල විසින් 2000 අවුරුද්දෙදි ගෙනාව මෙම Siamese වර්ගයේ බළලාට “මි‍ං” කියන නම තියනවා .❤️ මුල ඉඳලම ගෙදරින් එළියට රස්තියාදුවෙ යන්න පුරුදු වෙලා හිටිය මේ මිං ගැන කම්ප්ලේන්ස් ගොඩක් අසල්වාසී නිවෙස්වල අය ඇලෙක්සැන්ඩර් පවුලට කීපවතාවක්ම දැනුම්දීලා තිබුනා .නිතරම මේ වගේ එමින් යමින් සිටි මින් 2010 දී සම්පූර්ණයෙන්ම ගෙදර එන එක නතර කරනවා . මිං මියයන්න ඇති කියල එයාල හිතන්නෙ කොහොමහරි ඇලෙක්සැන්ඩර් පවුලත් පුදුම කරමින් ආයෙම අවුරුදු 4කට පස්සෙ 2014 දි මිං ගෙදර එනවා ❤️ ඊට පස්සෙ තමා මිංට මේ වැඩේ වරදින්න ගන්නෙ ඇලෙක්සැන්ඩර් පවුලෙ අය එකතු වෙලා මිං ව මයික්‍රොචිප් කරලා ආපහු යන්න දෙනවා
ඊට පස්සෙ මිං ආපහු තමන්ගෙ දෙවනි රහසිගත නිවසට එනවා ❤️. ඒ ස්මිත් පවුලේ නිවසටයි. (ඔවුන් මිංව හැඳින්වූයේ ‘ක්ලියෝ’ යන නාමයෙනි.) ආපහු පැමිණි ක්ලියෝගෙ මයික්‍රොචිප් එක ගැන දැනගන්න ස්මිත් පවුල ඒක හරහා ඇලෙක්සැන්ඩර් පවුල සම්බන්ධ කරගන්නවා ඇලෙක්සැන්ඩර් පවුල සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරද්දි තමා ඔක්කොම විස්තර එලියට එන්නෙ ස්මිත් පවුලෙ අය කියන විදියට ක්ලියෝ එයාලගෙ පවුලට සම්බන්ධ වෙලා අවුරුදු 9ක් වෙනවා ඉතින් ඒක නිසා ක්ලියෝ දැන් පවුලේ කෙනෙක් වගේලු.. කොහොමහරි පවුල් දෙකේ අය මේ පූසාට හිටිය වගේම ගෙවල් දෙකේම ඉන්න දීලා ප්‍රශ්නෙ සාමකාමීව විසඳගන්නවා ❤️
ඉතින්.. ඔයාලගෙත් හිටිහැටියේම අතුරුදහන් වෙලා ගෙදර එන පූස් තඩියො විශ්වාස කරන්න එපා ගෙදරට හුරතල් චූටි පුතා උනාට Area එකේ extra ගෙවල් දෙකතුනක් තියෙනවා වෙන්න පුළුවන්

Ama Rajapakshe

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!