මගේ වයසත් එක්ක මම ලබල තියෙන දේවල් වලින් අරික්කාලක් වත් මේ කමෙන්ට් කරන අයට නෑ – ඕෂදී ගෙන් රසිකයන්ට සැර පිළිතුරක්…

මගේ වයසත් එක්ක මම ලබල තියෙන දේවල් වලින් අරික්කාලක් වත් මේ කමෙන්ට් කරන අයට නෑ – ඕෂදී ගෙන් රසිකයන්ට සැර පිළිතුරක්…

ඇත්තටම මේ ඔක්කොම comments බලද්දි තේරුම් ගිය දේ තමයි, ක්ෂේත්‍රය ගැන දන්න, අත්දැකීම් තියෙන පරිණත මිනිස්සුන්ගෙ comments වලටත් බැනලා , ක්ෂේත්‍රය ගැන මෙලෝ හසරක් නොදන්න , ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන තරුණ පරම්පරාවේ රසාස්වාදය සහ මතය කොතනද තියෙන්නෙ කියන එක.. අපි වැඩ කරන ක්ෂේත්‍රය පිළිබද අපේ අත්සැකීම් ගැන මතයක් දැම්මම, ඒක වැරදියි කියල ඔප්පු කරන්න , තාර්කිකව නැතුව මඩ වලින්ම උත්තර දෙන්න එන තරුණ පරම්පරාවක් තමයි ලංකාවෙ බිහිවෙමින් පවතින්නෙ.. මෙන්න මේ කාරණාව නිසාම ක්ෂේත්‍රයේ බහුතරයක් ප්‍රවීණයො බයයි.. මේ වගේ දේවල් ගැන කතා කරන්න.. හැබැයි මම එහෙම කෙනෙක් නෙවෙයි.. ඒක තමයි පළවෙනි කාරණාව. ඊළග එක තමයි මම මේ post එකේ පැහැදිලිවම දාලා තියෙන්නෙ, මේ නිළියගේ විනය පිළිබද ගැටළුව ගැන මිසක්.. එයාගෙ ප්‍රේම සම්බන්ධතාවය ගැනවත්, එයාගෙ රූපයේ අඩුපාඩු ගැනවත්, එයාගෙ දක්ෂතාවය ගැනවත් නෙමෙයි.. හැබැයි ඒකට පිළිතුරු comments ඇවිල්ල තියෙන්නෙ… මගේ හමේ පාට ගැනයි, මම රගපාන්නෙ කොහොමද කියන එක ගැනයි, මගේ ඉරිසියාව ගැනයි, මම මොනවද කලේ කියන එක ගැනයි.. ආ.. ඒ අතරේ දේශපාලන ඇරියස් කවර් කරගත්තු කිහිප දෙනෙකුත් හිටියා.. හොද වෙලාවට එදා ඉදන් පිරිමි සම්බන්ධ කටකතා නොතිබ්බ නිසාත්, දික්කසාද වෙලා නොතිබ්බ නිසාත් ඒකට කියන්න දෙයක් තිබිල නෑ

1. මම රගපාපු නිර්මාණ මොනවද කියන එකට ඕනි නම් ඔය 2-3 දාලා තියෙනව, හැබැයි මේ comment කරන අයට ඒවා හරි යයිද දන්නෙ නෑ.. හැබැයි ඔය නිර්මාණ බහුතරයක් ඔය ඔයාලා අදහන නිළිය සම්මාන ගත්ත සම්මාන උළෙලවල නිර්දේශ වුණු සහ සම්මාන ලැබුණ
නිර්මාණ.. ආ.. තව වේදිකා නිර්මාණ ගැන කතා කරනව නම්, ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයගෙ ඒකාධිපති එකේ ඔල්ගා කියන චරිතය, 2008 රාජ්‍ය නාට්‍ය උළලෙ හොදම නාට්‍ය වුණ, චාමික හත්ලහවත්තගෙ හරි අපුරු දවසක් වගේ නාට්‍යත් තියෙනව.. ඔයාල අහලවත් තියෙනවද දන්නෙ නෑ..
විචාරතයො නම් ඒවා හදුන්වන්නෙ විශිෂ්ට සහ සම්මානිත නාට්‍ය හැටියට..
ඔව් මම සීනිබෝල නාට්‍ය වලත් ඉදල තියෙනව.. මොකද වෘත්තිය නිළියන් වුණාම ඕනි දේක රගපාන්න පුළුවන් වෙන්න ඕනි.. හැබැයි ඔයාලා බලල තියෙන්නෙ මගේ ඒ චරිත විතරක් නම්.. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ඔයාලගෙ රසාස්වාදයේ ප්‍රශ්නයක්.. ඔයාල පොඩි කාලෙ ඔයාලව යොමු කරපු වැඩිහිටියන්ගෙ ප්‍රශ්නයක්..
2. මගේ සම්මාන ගැන කතා කරනව නම් , මගේ පළ වෙනි සම්මානය ගන්නෙ 2007 සුමති සම්මාන උළලෙ ජනප්‍රියම නිළිය සම්මානය .. ඒකත් ඔයාලට විහිළුවක් නම්, ඔයාලා ඔය අදහන නිළිය ගන්නෙත් අවුරුදු ගාණකට පස්සෙ ඒ සම්මානෙම තමයි.. ඒකත් විහිළුවක් වෙන්න ඕනි.. ආ.. අනිත් එක ඒ කාලෙ sms තිබ්බෙ නෑ.. ඒකත් කියන්න ඕනි.. අනිත් සම්මාන ගැන කියනවට වඩා හොදයි ඔයාලම පොඩ්ඩක් හොයල බලන එක.. නැත්නම් ඒකටත් කියයි , තමන්වම වර්ණනා කරගන්නව කියල ..

3. කාව්‍යා නාට්‍යය මගින් දාලා ගියා කියල කීප දෙනෙක් කියල තිබ්බ, ඒක ගැනත් කියන්න ඕනි, 2007 මගේ විවාහයත් එක්ක ඒ මාසය ඇතුලත දින ලබා දෙන එක මට ගැටළුවක් වෙලා තිබුණා. හැබැයි එතකොටත් විකාශය වෙමින් පවතින නාට්‍යයකට ඒක අදාල නැහැ. ඒ නිසා නිෂ්පාදක ප්‍රධානින් එක්ක සුහදව සාකච්ඡා කරල, ඔවුන්ම මගෙන් අවසානෙදි ඇහුව, ඕෂධි අපිට එහෙම වුණොත් වෙන option එකකට යන්න වෙනවා, වෙන කෙනෙක් replace කරන්න වෙනව කියල .. මම ඒකට කැමැත්ත පළ කිරීමත් එක්ක එයාල චරිතය වෙනස් කරල තිබ්බ.. ඒ වෙලාවෙ මට කොන්දක් තිබ්බා මම තෝරගන්න ඕනි, මගේ වෘත්තිය ජීවිතේද, පුද්ගලික ජීවිතේද කියන එක.. ගැන තීරණයකට ඇවිල්ලා සාකච්ඡා කරන්න.. නැතුව, ෆෝන් off කරගෙන, හැංගිලා, පොලු තියන මානසිකත්වයක් එදා ඉදන් අද වෙනකම් මට නෑ.. මම විතරක් නෙවෙයි.. ඒ කාලෙ ඉදන් යශෝධා විමලධර්ම, නිල්මිණි තෙන්නකෝන්, පබෝධා, ශලනි මේ හැමෝම විවිධ පුද්ගලාක සහ වෘත්තිය කාරණා මත මැදදි අයින් වෙලා තියෙනව.. හැබැයි නිෂ්පාදන කණ්ඩායම් දැනුවත් කරල, විධිමත් විදියට..අදටත් ඇදෙන් නැගිට ගන්න බැරි අසනීපයක් හැදුණොත් මිසක් , දීපු දිනයකට සහභාගි නොවී ඉන්න පුරුද්ද මට නැහැ.. අනික් කාරණාව නිෂ්පාදන කණ්ඩායම් වල ඉන්න අපේ සහෝදර වෘත්තිකයින් එක්ක සාකද්ඡා කරල ප්‍රශ්න විසදගන්න පුළුවන් කම හොදටම තියෙනවා.. ඒ තැන් වල කවුරුත් හිධ්ලර් ලා නෑ..
4. ඉරිසියාව..
මගේ වයසත් එක්ක මම ලබල තියෙන දේවල් වලින් අරික්කාලක් වත් මේ comment කරන අයට ඇති කියල මම හිතන්නෙ නෑ. අනිත් එක මම මෙහෙම දැම්ම කියල දුෂේනිගෙන් පස්සෙ මට ඒ චරිතෙ කරන්නත් බැහැ.. මම අවුරුදු 15 විතර මීට වඩා තරුණ වෙලා හිටිය නම් ඔන්න කරන්න තිබුණා

ටෙලි නාට්‍ය 50 ක විතරම ප්‍රධාන පෙම්වතියගෙ චරිතය කරපු මම එයාට ඉරිසියා කරන්න මොකො එයාගෙ boyfriend ව ගන්නයැ

මේකෙ comment කරන සමහරු අපි දෙන්නා පරම්පරා 2 ක, වයස් 2 ක ඉන්නෙ කියලවත් තේරුම් අරගෙන නෑ.. අනිත් එක ඔය පරම්පරාවෙ නිළියන්ගෙ දක්ෂකම ගැන කතා කරනව නම්, තරින්දි ල වගේ නිළියොත් එක්ක දුෂේනිලට හැරෙන්නවත් බැහැ.. ඒක තමයි සහගහන ඇත්ත. ඒ විතරක් නෙවෙයි තරින්දිලගෙ තියෙන කැපවීම, වෘත්තියමයභාවය ගැන ඔයාල හරියට දනිනෙවත් නැහැ. තරින්දි විතරක් නෙමෙයි තව ගොඩක් අය ඉන්නව ඒ වගෙ.. ඒ වගේම මේ වගේ කිසිම විනයක් නැති කිහිප දෙනෙකුත් ඉන්නවා.. ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන ඔයාලට , ඒ වගේ පොළොවෙ පයගහල ඉන්න නිළියො ගැන හිතාගන්නවත් බැහැ..තරින්දි කියන්නෙ එක්කෙනෙක් විතරයි. එකින් එක නම් නොකිව්වට තව ඒ වගේ ලස්සනයි, දක්ෂකමයි, කැපවීමයි එකට එකතු වුණ නිළියෙ ගොඩක් ඉන්නවා මේකෙ.. අනේ මම එයාලටත් ගොඩා.. ක් ඉරිසියයි

කලා නිර්මාණයක් ඇතුලෙ පොර කියන්නෙ ප්‍රධාන නළුවා සහ නිළිය විතරක් නෙවෙයි.. අධ්‍යක්ෂක , නිෂ්පාදක, තිර රචකයගෙ ඉදන්, අවශේර්‍ෂ නළු නිළියො, තාක්ෂණික කණ්ඩායම් , න්ෂ්පාදක කණ්ඩායම් විතරක් නෙමෙයි location එක දෙන මනුසිසයගෙ ඉදන් හැමෝම පොරවල් කමයි. එක නිළියෙක් නටන පිස්සුවක් ඇති ඔය කියන 20-30 මිනිස්සුන්ගෙ බඩේ පාර වදින්න.. ඒ නිසා තමන් නොදන්න ක්ෂේත්‍රවල , TV එකෙන් පේන ෆැන්ටසි ලෝකවල ජීවත් වෙවී , රගපාන චරිතයෙන් නිළිය හෝ නළුවාව මනින්න යන්නැකුව , පොළොවෙ පය ගහල ජීවත් වෙන තරුණ පරම්පරාවක් බවට පත්වෙන්න.. ඔයාලා මට ප්‍රවීණ කියන භාවිතයට කැමති නැත්නම, අඩු තරමින් ඔයාලට වඩා අවුරුදු ගාණක් වැඩිමල් කෙනෙක් කියන්නෙ කියලවත් තේරුම් ගන්න..
ඇත්තටම මම සතුටු වෙනව මේ සමහර comments දාල තියෙන අය වගේ රසික පිරිසක් මට නැති එක ගැන.. මම දැක්කා සමහරු උපාධි ලෝගුත් දාගෙන.. හැබැයි තාර්කික බුද්ධිය නිල්..
මඩ විතරමයි.. මට ඉන්න රසික පිරිස ටික හරි බුද්ධිමත්, සවිඥානක , පොළොවෙ පය ගහල තියෙන පිරිසක් වීම ගැන.. මොකද මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි.. quality is better than quantity කියන එක..
මෙච්චර දිග විස්තරයක් දැම්මෙ, ඔයාලා දාන බුද්ධිමත් comments වලට එකින් එක උත්තර දෙන එක තේරුමක් නැති නිසා.. හැබැයි බය වෙන්න එපා.. මං මේ post එක අයින් කරගන්නෙත් නැහැ, ඔයාලගෙ comments delete කරන්නෙත් නැහැ. මොකද ඔයාලගෙ බුද්ධි මට්ටම සහ ඔයාල හිතන විදිය ගැන ඔයාලගෙ හිතවතුන් , ගුරුවරුන් ඔයාලගෙම වැඩිහිටියන් කවදම හරි මේවා දැකල තේරුම් ගන්න ඕනි.. ඔයාල වුණත් කවද හරි පරිණත වුණ දවසකට ඔයාලා තරුණ කාලෙ හිතපු කියපු විදිය ගැන කවද හරි දැක බලාගන්න පුළුවන් වේවි.. ඔයාල ඇත්තටම පව්..
මොකද profile lock කරගෙන තමන්ගේ පුද්ගලිකත්වය හංගගෙන අනිත් මිනිසුන්ගෙ ඇද හොයන ඔයාලම තමයි.. ඔයාල ඔය අදහගෙන ඉන්න නිළියන්ට කවද හරි ගල් ගහන්නෙත් …
බොහොම ස්තුතියි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *