දේශීය පුවත්

‘අවදානම් කලාපවල මාර්ග භාවිතය අවම කරන්න’- ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

නාය යෑමේ අවදානම් කලාප මාර්ගවල ගමනාගමනය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අවදානම් මාර්ග හැකිතාක් භාවිතය අවම කරන ලෙසත් එම මාර්ගවල වාහන නතර කරගෙන අවට සුන්දරත්වය නිරීක්ෂණය නොකරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්දුතිලක මාධ්‍යට පැවසීය.

ඒ අනුව, කොළඹ – බදුල්ල මාර්ගය, කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශය, පස්සර – බිබිල මාර්ගය, මහියංණන – බදුල්ල, නුවර – මහියංගණය යන ප්‍රධාන මාර්ගවල නායයෑම් අවදානම් තත්ත්ව විශේෂයෙන් නිරීක්ෂණය වන බව හෙතෙම අවධාරණය කළේ ය.

මේ අතර, පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදු වූ ගල් පෙරළීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්ට භාරදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ “මව්බිම”ට පැවසීය.

ඒ අනුව, එහිදී එම මාර්ගය විවෘත කිරීමට ඉහළ බෑවුමේ මැද තිබෙන අස්ථාවර ගල් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව ත් එම කාර්ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුවන බව ත් ඇය කීවාය.

තව ද, මාර්ගය ඉදිරියේ ගිලා බැස ඇති ස්ථානයේ බර වාහන ගමනාගමනය පාලනය කිරීමට සිදුවන බව භූ විද්‍යාඥවරිය කීවාය.

  • රවිශාන් ප්‍රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!