දේශීය පුවත්

හමුදා නිලධාරියාට සද්දේ දාපු පොලිස් නිලධාරියාට වැඩ වරදින ලකුණු ?

පොලිස් නිලධාරියෙක් විසින් යුද හමුදා නිලධාරියෙකු හට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් පොලිසිය පවසනවා.

ඒ අනුව වැඩබලන පොලිපතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත‍්‍රික් 01 භාර පොලිස් අධිකාරී විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

එම විමර්ශනයේදී අනාවරණය වන තොරතුරු මත, අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!