මහින්දගේ කාලේ මෙහෙම තැන් තැන්වල මිනිස්සු නැති කරලා දැම්මේ නැ… – පොහොට්ටුවේ මනෝජ් ගමගේ කියයි.

මහින්දගේ කාලේ මෙහෙම තැන් තැන්වල මිනිස්සු නැති කරලා දැම්මේ නැ… – පොහොට්ටුවේ මනෝජ් ගමගේ කියයි.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරන යුගය තුළ මෙවැනි පාතාල ක්‍රියාකාරකම් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් පවසයි.

“දැන් මේ රාජපක්ෂලාට පාතාලයේ චෝදනා එල්ල කරනවා. හැබැයි මම මේ රටේ ජනතාවගෙන් අහනවා, මම මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් අහනවා, මහින්ද රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද? ගෝඨාභය රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද? ඒකට උත්තරේ නෑ. ජනතාව එයාලගේ හෘද සාක්ෂිය දන්නවා මේ වගේ තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ. කොටින්ම කියනවා නම් තමන් පාතලයේ නම කියනවාටත් බය වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී. කරුණාකරලා ටියුෂන් ගන්න ඕනේ නම් යන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට.”

ඔහු මේ බව සඳහන් කළේ  (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *