සයුරෙන් එහා පුවත්

රටක් ආදරය කල ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළියගේ මව දිවියෙන් සමුගනී..

ලාංකේය සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ආදරණීය මව වන කිම් ෆර්නැන්ඩස්, ඊයේ (06) අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ, කිම් ෆර්නැන්ඩස් අභාවප්‍රාප්තව ඇත්තේ මුම්බායි හි පෞද්ගලික රෝහලක හෘදයාබාධ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වන බවයි.

ඒ අනුව මාර්තු 24 වැනිදා සිට ජැකලින් ද සිය මව සමඟම සිටි බව සඳහන්.

පසුගිය මාසයේ ගුවහාටි හි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජැකලින් ඇගේ රංගනය පවා මඟ හැරියේ මව සමීපයේ සිටීමට බවයි වාර්තා වන්නේ.

ජැකලින්ගේ මව කිම් ෆර්නැන්ඩස්, මැලේසියානු සහ කැනේඩියානු සම්භවයක් ඇති අයෙකි.

බහරේනයේ ගුවන් සේවිකාවක් වූ ඇය, සිංහල සහ දෙමළ ජනතාව අතර පැවති සිවිල් නොසන්සුන්තාවයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවෙන් බහරේනයට සංක්‍රමණය වී ඇත.

අනතුරුව 1980 ගණන්වලදී ඇයට ශ්‍රී ලාංකික-බර්ගර් ජාතිකයෙක් වන එල්රෝයි ෆර්නැන්ඩස් හමුව ඔහු සමඟ විවාහ වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!