දේශීය පුවත්

මාමයි බෑණයි එක්ව කුණු ඇලේ සැඟවූ රහසේ සුලමුල හෙළිවෙයි… ගෝනියේ දාගෙන යන හැටිත් CCTV කැමරාවේ පටිගත වෙලා

දින කිහිපයක සිට අතුරුදන් කාන්තාවකගේ මළ සිරුරක් සොයා ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර කුණු ඇළේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසුවේ, එම කාන්තාවගේ දෙවැනි ස්වාමි පුරුෂයා සහ වැඩිමල් දියණියගේ ස්වාමි පුරුෂයා එක්ව මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

දින කිහිපයක සිට ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර, නවගම්පුර ප්‍රදේශයේ කාන්තාවක අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ දියණියක ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔවුන්ගේ පවුලේම සාමාජිකයෙකුගෙන් ලද එම තොරතුරේ සඳහන්ව ඇත්තේ අතුරුදන්ව ඇති කාන්තාවගේ දෙවැනි ස්වාමි පුරුෂයා සහ වැඩිමල් දියණියගේ ස්වාමි පුරුෂයා එක්ව මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

ඉන් පසුව එම කාන්තාවගේ සිරුර කොටස් කිහිපයකට වෙන් කර උර දෙකක බහා නවගම්පුර කුණු ඇළට දමා ඇති බවට ද අතුරුදන් කාන්තාවගේ වැඩිමල් දියණියට තොරතුරු ලැබී තිබෙනවා.

ලද තොරතුරු අනුව පරීක්ෂණ ආරම්භ කළ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ සැකය අදාළ පුද්ගලයින් දෙදෙනා වෙත යොමුව ඇති අතර, එම කණ්ඩායම ස්ථානීය පරීක්ෂණයක් කළේ ඒ අනුවයි.

එම කාන්තාව ජීවත් වූ නිවසේ ස්ථාන කිහිපයක ලේ තැවරී තිබූ අතර සැක කටයුතු පිහි කිහිපයක් ද හමු වී තිබෙනවා.

ඒ ඔස්සේ පරීක්ෂණ දියත් කළ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් අදාළ නිවස අසළ ඇති CCTV දර්ශන පරීක්ෂා කළ අතර, එහිදී සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු පොහොර උර 3ක් කර තබාගෙන තුන් වතාවක් එම නිවසින් පිටතට එන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණා.

පොලිසිය පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා කාන්තාව ඝාතනය කර සිරුර කොටස් කිහිපයකට වෙන් කර පොහොර උර 3ක බහා ඒ අසළ ඇති කුණු ඇළට දමා ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කොළඹ 14, ස්ටේස් පාරේ නොම්බර 175 ලිපිනයේ පදිංචිව සිටි ඒ.එච්.කේ විමලාවතී නම් 65 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාම මේ වනවිට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

අදාළ කාන්තාවගේ සිරුර සොයා ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර කුණු ඇළේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාළ කාන්තාවගේ සිරුර සොයා ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර කුණු ඇළේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!