දේශීය පුවත්

ශ්‍රමිකයන් රට යවද්දී ගුවන් ටිකට්පතෙන් ගහපු ගැහිලි ගැන විදේශ සේවා සභාපති හෙළිකරයි

ඉකුත් මාසයකට ආසන්න කාලයක් තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 500 දෙනකුගේ ගුවන් ටිකට්පත් වලින් රුපියල් කෝටි හතර හාමාරක පමණ මුදලක් වැඩිපුර අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එක ටිකට් පතකින් රුපියල් 75,000ත් රුපියල් 90,000ත් අතර මුදලක් වැඩිපුර අය කර ඇති බව හෙළිව තිබෙන බවයි.

ඊයේ (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ සම්බන්ධයෙන් කියා සිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසිය…..

‘’ඊශ්‍රායල් හා කොරියානු රටවල රැකියා සඳහා යොමු වන පුද්ගලයන්ගේ ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතන හරහා මිලදීගෙන රැකියා අපේක්ෂිතයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් තමයි මෙතෙක් කලක් පැවතුණේ….. එහි මිල අධික බව සම්බන්ධයෙන් ”සභාපතිට කියන්න” වැඩසටහන යටතේත් පුද්ගලිකව මටත් පැමිණිලි රැසක් ලැබුණා….. පසුගිය කාලයේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකරලා තිබුණේ…..

නමුත් එහි යම් යම් අඩුපාඩු තිබෙන බව මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුන්ට පක්ෂපාතී අයුරින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකරලා තිබුණා…. මාස්පතා ඒ තෝරාගත් අයගෙන් ගුවන් ටිකට්පත් මිලදී ගනිමින් මූල්‍ය අලාභයක් ටිකට්පත් මිලදී ගන්නාට සිදුකරලා තිබුණා.

මේ සම්බන්ධව මම විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අලුතෙන් පත්වු සභාපතිවරයා සමග සාකච්ඡා කළාට පසු නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර්ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිලදී අරගෙන ගුවන් ටිකට්පතක මිල විශාල වශයෙන් අඩු කරගන්න හැකි වුණා….. ‘’

(අශිකා ජයවීර)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!