තරු ගොසිප්

” මාව සප්‍රයිස් කරන්න අම්මලවත් ගෙන්නලා රෑ දොළහට කේක් එකක් කැපුවා” මායාවි ටෙලියේ අලුත් හිතෛෂීව ඔහු පුදුම කරේ එහෙමයි…

මුවැත්තියක් වගේ සුන්දර තරුණියක්..

ඉතින් මේ වගේ කෙනෙක්ගේ ආදර ලබන්නම ඔහුත් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන..

එමාෂා සෙනවිරත්න, පුංචි තිරයේ නම් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ විතරක් නෙවෙයි ඒ හිනාවට, ඒ මූණටත් ගොඩක් දෙනෙක් ආදරය කරනවා.. ඔන්න ඉතින් ඇය පසුගිය දවසක යුග දිවියට එළඹි පුවත කිසිවෙකුට අලුත් ආරංචියක් නෙවෙයි නේ.. ඇගේ අත ගත්තේ, රුමේෂ් මදුෂංකයි..

ඔහුගේ ආදරය ඇයට දැනෙන විදිහ ගැන එමාෂි මෙන්න මේ විදිහට එයාට ආදරය කරන රසික රසිකාවිටන්ට කියලා තිබුණේ සති අන්ත පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමිනුයි..

ඉතින් කවදාවත් නැති තරම් ඇගේ ජීවිතය වෙනස් කරන්න, ඇගේ ජීවිතය ආදරයෙන් පුරවන්න ඔහුට පුළුවන් වෙලා..

“මං ගොඩාක් හිතන කෙනෙක්. රුමේෂ් තමයි මාව සැහැල්ලු කරන්නේ, මෝටිවේට් කරන්නේ. පහුගිය විසිපස් වැනිදා මගේ උපන්දිනය තිබුණා. මාව සප්‍රයිස් කරන්න අම්මලවත් ගෙන්නලා රෑ දොළහට කේක් එකක් කැපුවා. පහුවෙනිදා මටත් නොදන්වා මගේ සමීපතමයන්ටත් ආරාධනා කරලා පැරඩයිස් ඉන් එකේ හරිම ලස්සන රාත්‍රී සාදයක් සංවිධානය කරලා තිබුණා. සාමාන්‍යයෙන් මං කවදාවත් මේ වගේ ලොකුවට උපන්දිනයක් සමරලා තිබුණෙ නෑ. ගෙදර අයත් එක්ක කේක් එකක් කපලා තමයි හැමදාම සැමරුවේ. මේ පාර තමයි මෙහෙම ලොකුවට පාටියක් ගත්තේ. රුමේෂ් නිසා මේ පාර හරිම සතුටුදායක උපන්දිනයක් සැමරුවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!