තරු ගොසිප්

අවුරුදු 47ක් ගත වුනත් අදටත් ජාත්‍යන්තරයේ ඇගයීම් ලබන ‘ගැහැනු ළමයි’ ගැන ඇසෙන කතාව මෙන්න.

ප්‍රංශයේ Cannes රතු පලස මත ලාංකේය නාමය සනිටුහන් කළ සතුටු හිතෙන පුවත ගැනයි මේ කියන්න හදන්නේ…

සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැනු ළමයි” සිනමාපටය ලෝකෙ දැවැන්ත සිනමා උළෙලකදී අමිල අවස්ථාවක් හිමි වුණා…

මෙම සිනමා පටය කරුණාසේන ජයලත් සූරීන් රචනා කළ ‘ගැහැණු ළමයි’ නවකතාව ඇසුරින් නිර්මාණය වූවා … මෙරට සිනමා වංශ කතාවේ කිසිදා අමතක නොවන සලරුවක්…

එය 1978 වසරේදී තිරගත වුණා…

එම මොහොත ශ්‍රී ලංකේය කලා ලොකයේ අමරණීය මොහොතක් ලෙස හදුන්වන්න පුළුවන්…

සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැනු ළමයි” සිනමාපටයේ, ප්‍රතිස්ථාපනය කළ 4K නව පිටපත ප්‍රංශයේ ලෝක ප්‍රකට Cannes සිනමා උළෙලේදී අද තිරගත වුනා. අපේ රටේ සිනමා වංශකතාවේ ස්වර්ණමය මොහොතක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්…

ගැහැනු ලමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ වසන්ති චතුරාණි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද සමඟින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මේ සඳහා ප්‍රංශයේ කාන් උළෙලට සහභාගී වුණා…

1978 වසරේදී සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ, ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් නිෂ්පාදනය කළ ගැහැනු ලමයි සිනමාපටය අදටත් ලාංකීය සිනමාවේ නොමැකෙන සලකුණක් ලෙසින් හැඳින්වෙනවා!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!