දේශීය පුවත්

ටීචර් අම්මාගෙන් ගුටි කෑ තරුණයා රෝහලේ.. – වෘෂණ කෝෂ වලටත් හානි

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් විසින් සිදුකළ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගුරුවරිය සිදුකළ පහරදීමෙන් තරුණයාගේ වෘෂණ කෝෂවලට හානි සිදුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඇයගේ සැමියා සහ කළමණාකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැමියා සහ කළමණාකරු ඊයේ (09) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

මේ වනවිට සැඟව සිටින ‘ටීචර් අම්මා’ ලෙස හඳුන්වන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ තරුණයා 32 හැවිරිදි වියේ පසුවන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන්

එම තරුණයාගේ සහෝදරිය යැවූ වස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වුණේ.

Source – Dasatha Lanka News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!