දේශීය පුවත්

“මෙහෙම දරාගැනීමක්, ඉගෙනගැනීමක් ගැන කිසිදවසක තවත් දෙමාපියෙකුට නොලැබේවා…” ආදරණීය ඇයගේ වියෝවෙන් පසු දුලන්‍යාගේ පියා මුහුණුපොතට සටහනක් තබයි..

ඇය මියයන තෙක්ම සුන්දර ළමා විය කෙළිදෙලෙන් ගත කළ සුරතලියක්.

අම්මා, තාත්තා, සහෝදරියන් එක්ක ජීවිතේ ගෙවා දැමූ ලස්සන කාලය මතකයක්ම පමණක් කරමින් පුංචි දුලන්‍යා සිහසුනී පසුගිය දිනක ජීවිතයෙන් සමුගත්තා.

ඒ බොහෝ කාලයක් ඇය පිළිකා මාරයා සමග සටන් කිරීමෙන් පසුවයි.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබපු මේ පුංචි දැරිය දැන් සියලුදෙනා අතරින් සමුගෙන ගිහින්.

ඇයට ආදරය කරන පවුලේ සැම තවමත් මේ සමුගැනීම ගැන කම්පා වෙනකොට , පුංචි දුලන්‍යාගේ තාත්තා මෙන්න මේ වගේ සංවේදී සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.

“සියලු හිමිවීම් දවසක අහිමිවන බව මම දැනගෙන උන්නා. ජීවීතයතුල ගොඩාක් දරාගැනීම් මට තවත් ඉඟෙනගැනීමක් උනා….
නමුත් මෙහෙම දරාගැනීමක්,ඉඟෙනගැනීමක් ගැන කිසිදවසක තවත් දෙමාපියෙකුට නොලැබේවා……
මට මොනවා ලියන්නද මම දන්නේ නෑ….
මේ දරාගැනීමම මට බයයි මැණික…
වික්ටෝරියා බැම්ම කොයිතරම් දරාගැනීමක් උනත්,පුංචි ඉරිතෑලීමක්මක් උව ලොකු විනාශයක්…
මට බයයි මැණික….
ඒ නිසාම ලොකූ බේත් අහුරක් බීලා ටිකක් නිදාගන්න යනවා. මගේ පුංචි සුරංගනාවිය ඔයා අප්පච්චීට සමාව දෙන්න …..!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!