දේශීය පුවත්

NPP මන්ත්‍රී බිරියකගේ ප්‍රාඩෝ රථයක් ගැන මඩ ගැසූ ගෑස් සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලූ ගාල්ලේ ජනිත CIDයට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ බිරියකට අයත් ප්‍රාඩෝ රථයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ලබන 10 වැනිදා පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් (ගෑස් සිලින්ඩරය ලකුණින්) ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ජනිත චතුරංග නම් අයෙකුටයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ. ඒ අනුව සිකුරාදා පෙරවරු 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබෙනවා.

දිනපතා පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම සම්බන්ධයෙන් ජනිත චතුරංගට විරුද්ධව අපරාධ පරීක්ෂණ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙන මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

මේ අතර, තමන් තවත් මන්ත්‍රිවරයකු සමඟ සම්බන්ධ කර, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ ද්වේෂ සහගත කට කතා පතුරුවමින් තම කීර්තිනාමයට හානි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පසුගිය දෙසැම්බර් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

(අමිත් මධුරංග ගමගේ)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!