Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ප්‍රවීණ ගී පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම ( අවු.71) අභාවප්‍රාප්ත වෙයි..

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (04) රාත්‍රියේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.

කූවේණි, නාඩගම් ගීය , රාධාවනී වැනි ඔහු විසින් රචිත ගී රාශියකි.

ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්ය.

1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීය.

එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ ඔහු, පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි.

සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් තිස්සේ පබැඳූ ගී පද, ඔහුගේ ලිපි ලේඛණ අතරම සැඟවී තිබුණි.

නමුත්, නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමිනි.

2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.

එතැන් පටන් ඔහු අතින් ලියැවුණු අර්ථ පූර්ණ වාග් මාලා, මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණි.

නූතන පරම්පරාවට නුහුරු නපුරුදු වචන සහිතව ලියූ ගීත තරුණ තරුණියන්ගේ මුවඟ නිරත රැඳෙන ගීත බවට පත් කරන්නට ඔහුට හැකිවුණේ ය.

විටෙක ප්‍රේමය ද, විටෙක ඉතිහාසය ද, තවත් විටෙක නූතන සමාජ ප්‍රවණතා ද, වස්තු විෂය කරගනිමින් ඔහු ගීත රචනා කරන ලදි.

යොවුන් වියේදී සැබෑ කරගත නොහැකි සිහිනයක්, සැඳෑ වියේදී සැබෑ කරගනිමින් නූතන ගීතය තුළ ඔහු තැබූ සලකුණ මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!