තරු ගොසිප්
පණ වගේ ආදරය කරන පුතුන් දෙන්නා එක්ක සජිත කැමරාවට හසු වුණු ආදරණීය මොහොත… සජිතගේ සැබෑ සතුට මෙන්න…

රංගනයෙන් වගේම ගායනයෙනුත් අතිශය ජනප්‍රිය සජිත ඇන්තනි, තමන්ගේ ආදරණීය පවුලේ තොරතුරු නිතරම ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න සජිත තමන්ගේ පණ වගේ ආදරය කරන පුංචි පුතුන් දෙදෙනා එක්ක ගත්ත හරිම ලස්සන, ආදරණීය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගෙන තිබුණා. මේ පින්තූර දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙනවා කියන එක නම් සහතිකයි.
වැඩිමල් පුතු සජිතව හරිම ආදරයෙන් බදාගෙන ඉන්න විදිහ සහ සජිතගේ මුහුණේ තියෙන ඒ සතුට පින්තූරයට මාරම ලස්සනක් එක් කරලා තිබුණා. අනෙක් අතින් පුංචිම පැටියා සජිතගේ තුරුලේ හරිම සුරැකිව ඉන්නවා.
මේ පින්තූර ටික පළ වුණ සැණින් සජිතගේ ආදරණීය රසිකයන් දහස් ගණනක් ඒකට ලයික් කරලා, ලස්සන ප්‍රතිචාර එකතු කරලා තිබුණා. ජීවිතේ ලොකුම සම්පත තමන්ගේ දරුවෝ කියලා සජිත හැමෝටම පෙන්වලා දීලා තියෙනවා.ඔයාලත් බලන්නකෝ ඒ ආදරණිය පින්තුර එකතුව.






